රජය 120ට ගත්ත වී 100ට විකුණනවා.. මෙය වී අලෙවි මණ්ඩල ඉතිහාසයේ ලොකුම පාඩුවයි.. - ජාතික ගොවි එකමුතුව
වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල පැරණි වී තොග පිරී පැවතීම හේතුවෙන්, උතුරු සහ නැගෙනහිර පළාත්වල වත්මන් යළ කන්නයේ අලුත් වී අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රමාද වී ඇති බව ජාතික ගොවි එකමුතුව චෝදනා කරයි.
ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම ආරම්භ වී තිබුණ ද, ගබඩාවල ඉඩකඩ නොමැතිකම නිසා ගොවීන්ට සිය අස්වැන්න රජයට විකුණා ගැනීමට නොහැකි වී තිබේ. දැනට පවතින වී මෙට්‍රික් ටොන් 120,000න් ටොන් 15,000ක් ඉවත් කිරීම සඳහා රජය ටෙන්ඩර් කැඳවා ඇති නමුත්, එම ක්‍රියාවලිය මන්දගාමී බැවින් ගොවීන්ට තවදුරටත් බලා සිටීමට සිදුව ඇත.
ජාතික ගොවි එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ, රුපියල් 120 බැගින් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණය පෞද්ගලික අංශයට රුපියල් 100 බැගින් විකිණීමට සූදානම් වන බවයි. මේ හේතුවෙන් රුපියල් මිලියන 370ක පාඩුවක් සිදුවන අතර, සමස්ත වී තොගයම මෙලෙස විකුණා දැමුවහොත් රජයට සිදුවන මුළු පාඩුව රුපියල් බිලියන 3ක් දක්වා ඉහළ යන බව ඔහු පවසයි. මෙය වී අලෙවි මණ්ඩල ඉතිහාසයේ ලොකුම පාඩුව වන අතර, මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද එම සංගමය තීරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..