ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් දිවි රඟ මඬලෙන් සමුගනියි..
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ත්‍රිවිධ මාධ්‍යයන් තුළම දශක ගණනාවක් පුරා තැබූ නොමැකෙන රංගන සලකුණ හේතුවෙන් ඔහු ප්‍රේක්ෂක ගෞරවාදරයට පාත්‍ර වූ කලාකරුවෙකි.
ගාමිණී සමරකෝන් මහතා වඩාත් සුවිශේෂී වන්නේ මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් බඳු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමාරයාගේ භූමිකාව විශිෂ්ට අයුරින් නිරූපණය කිරීම හේතුවෙනි.
එමෙන්ම ලුෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයට ඇතුළත්, අදටත් මෙරට රසිකයන් අතර අතිශය ජනප්‍රිය ‘සෝබාව දේ මෙපුර – සිරි විසිතුරු’ යන ගීතය ගායනා කරමින් රංගනයෙන් දායක වීම තුළින් ඔහු කලා ලොවේ සදාතනික මතකයක් ඉතිරි කිරීමට සමත් විය.
මීට අමතරව නරි බෑනා, කදාවළලු, සක්කාය දිට්ඨි, අඹු සැමියෝ, දේශපාලුවා, මධුර ජවනිකා සහ පොකුරු වැස්ස ඇතුළු සම්භාව්‍ය වේදිකා නාට්‍ය රැසකටම ඔහු තම සුවිශේෂී රංගන දායකත්වය සපයා ඇත.
වේදිකාවෙන් ඔබ්බට යමින් මෙරට සිනමාව සහ ටෙලි තිරය ද එකලෙස හැඩකළ ඒ මහතා, ගේ කුරුල්ලෝ, මලට නොඑන බඹරු, අළු යට ගිනි, භේරුණ්ඩ පක්ෂියා, ඉර සේවය සහ සුදු අප්පච්චි වැනි චිත්‍රපටවල ප්‍රබල චරිත නිරූපණය කළේය. එමෙන්ම රන්මසු උයන, එක මවකගෙ දරුවෝ, ගම්පෙරළිය, නිදිකුම්බා මල්, කුමාරයාණෙනි, බැද්දෙ සෙනෙහස සහ කැලෑහඳ වැනි අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක් හරහා ද ඔහු ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..