තේ ෆැක්ටරි 250ක් වැහිල ගිහිල්ලා..
ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක දැවැන්ත ආදායමක් ගෙන එන තේ කර්මාන්තය නිසි කළමනාකාරීත්වයකින් යුතුව පවත්වාගෙන යන්නේ නම්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට පවතින සමස්ත විදේශ ණය බර ගෙවා දැමීමට හැකියාව පවතින බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා පවසයි.
කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම සමස්ත කර්මාන්තයම අතළොස්සක් වූ ධනවතුන් පිරිසකගේ ග්‍රහණයට නතු වී ඇති බවත්, ඔවුන් මෙම ක්ෂේත්‍රය භාවිත කරන්නේ හුදෙක් තමන්ගේ පෞද්ගලික ධනය වර්ධනය කර ගැනීමට පමණක් බවත් ඒ මහතා චෝදනා කළේය.
මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 70ක දායකත්වයක් ලබා දෙන්නේ ලක්ෂ පහකට අධික කුඩා තේ ගොවීන් පිරිසකි. එහෙත් පවතින අහිතකර තත්ත්වයන් හමුවේ පසුගිය වසර පහ තුළ පමණක් කුඩා හා මධ්‍යම පරිමාණයේ තේ කර්මාන්තශාලා 250ක් පමණ වැසී ගොස් ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි. දිනකට තේ දළු කිලෝ 30,000ක් පමණ සැකසූ ප්‍රබල කර්මාන්තශාලා පවා මේ අතර වන බව වාර්තා වේ.
සමස්තයක් ලෙස ලක්ෂ 10කට අධික පිරිසකගේ ජීවිකාව රැඳී පවතින, මසකට ඩොලර් මිලියන 110-120ත් අතර ප්‍රමාණයක විදේශ විනිමයක් රටට ගෙන එන මෙම කර්මාන්තය අද වන විට දැඩි අවදානමකට ලක්ව ඇත.
කුඩා තේ ගොවියා සිය වගාව නඩත්තු කරගත නොහැකිව අසරණ වී සිටියදී, වගකිවයුතු බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු නොකර "සීතල කාමරවලට වී නිහඬව සිටින" බවට සමන් ගීගනගේ මහතා දැඩිව විවේචනය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..