"රටේ පාලකයෝ පොසොන් මංගල්‍යය පවත්වන්න අනුග්‍රහය දක්වන්නේ නැහැ" - මිහින්තලේ හිමි
මෙරට පාලකයින් රටේ ජනතාවට සහ බුදුදහමට ණයගැති බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද ජනතාව සිය ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමට කැපවී සිටින බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
මිහින්තලා පුදබිමේ පැවති ආගමික වැඩසටහනක් අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් රජය නිසි අනුග්‍රහයක් ලබා නොදීම පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කළහ.
"අනේ මිහිඳු මහරහතන් වහන්ස, ලංකාවේ මිනිස්සුන්ට සමා වෙන්න. ඔබවහන්සේ නිසා අපිට බුදුදහම, ශික්ෂණය සහ විනය ලැබුණා. නමුත් අද වෙනකොට මේ රටේ පාලකයෝ පොසොන් මංගල්‍යය පවත්වන්න අනුග්‍රහය දක්වන්නේ නැහැ" යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.
රටේ පවතින දරිද්‍රතාවය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, රජයේ සේවකයන්ට පවා සහන මිලට සහල් ලබාදීමට සිදුව ඇත්තේ 'ලීසිං' ක්‍රමයට හෝ වාරික වශයෙන් ගෙවීමේ පදනම මත බවයි.
ලෝක ආහාර සංවිධානය මගින් ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව ආහාර අර්බුදයක් පවතින රටවල් ලෙස නම් කර ඇති බව ද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.
රජය සහය නොදැක්වුවද, මෙරට ජනතාව සිය සත පනහ, රුපියල එකතු කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් දන්සල් පවත්වන බව නාහිමියෝ පෙන්වා දුන්හ.
"මේ රටේ මිනිස්සු ණය නැහැ, පාලකයෝ තමයි ණය. මිනිස්සු තමන්ගේ මහන්සියෙන් මේ පින්කම් සිද්ධ කරනවා. පාලකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් ආගමික කටයුතු මගහරිද්දී, ජනතාව මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් පෙළගැසී සිටිනවා" යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..