ඇඟලුම් අපනයන ආදායම පහළට..
පසුගිය වසරේ (2025) මුල් මාස පහට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ (ජනවාරි සිට මැයි) තුළදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම් වර්ධනය අඩුවී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව, ඉකුත් වසරේ (2025) ජනවාරි සිට මැයි දක්වා කාල සීමාව තුළදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය කිරීමෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 2,136 ක (2,136.74) ආදායමක් උපයා ඇතත්, මේ වසරේ සමාන කාලපරිච්ඡේදය තුළදී ලබා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,033 කි (2,033.39). ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ තුළදී ඇඟලුම් අපනයන ආදායමේ වර්ධනය සියයට ඍණ 4.84 කි.
කෙසේ නමුත්, අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉකුත් වසරේ (2025) මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ (2026) මැයි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායමේ වර්ධනය සියයට 6.66 ක් බවය.
ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේ මැයි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 388 ක (388.81) අපනයන ආදායමක් ලැබී ඇති අතර, මේ වසරේ මැයි මාසයේ එම ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 414 ක් (414.72) දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ කියා සිටියේ වසරේ මුල් මාස තුනේ අපනයන ආදායම අඩුවීමට ප්‍රවාහන වියදම් ඉහළ යාම යනාදි කරුණු නිසා අපනයනකරුවන් යම්කිසි පසුබෑමකට ලක්වූ බවත් ඇඟලුම් ක්ෂේත්‍රය හරහා මේ වසරේදී ඉලක්කයට ළඟාවීමේ හැකියාව පවතින බවයි.
- සාලිය කුමාර ගුණසේකර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..