නියෝජ්‍ය ධීවර ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව ජනඅරගල සන්ධානයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි
ගිනස් වාර්තාවක් සඳහා රජයේ නොවන පෞද්ගලික සමාගමකට රාජ්‍ය අනුග්‍රහය සැපයීම සහ පවුල් පන්දහකින් පමණ රුපියල් 5000 බැගින් වූ විශාල මුදල් ප්‍රමාණයක් එකතුකිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජන අරගල සන්ධානය ඊයේ (26 දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය:
“ජුනි 14 වෙනිදා ලෝකයේ වැඩිම ශිෂ්‍යයන් පිරිසක් සහභාගි වුණ භරත නාට්‍ය වැඩමුළුව ලංකාවේ පැවත්වුවා කියලා ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් අරගෙන ගියා. මෙතනදි ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වුණු භරත නාට්‍ය වැඩසටහනට හිමි ගිනස් වාර්තාව ලංකාවට ලැබුණා කියලා තමයි කිව්වේ. මේ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් තමයි මේකෙ ප්‍රධානත්වය අරගෙන තිබුණේ. ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු රජයේ ප්‍රබලයින් කිහිපදෙනෙක්ම මේ වැඩේට ඇවිත් හිටියා. මේ වැඩසටහන පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතව.හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීමට අදාළ ගිනස් සහතිකයේ ලංකාවේ හෝ ලංකාවේ කිසිදු රාජ්‍ය ආයතනයක හෝ ලංකාවේ පුද්ගලයෙක්ගේ නමක් නැහැ. මේ ගිනස් සහතිකයේ අයිතිය ලැබිලා තියෙන්නේ ඉන්දියානු සමාගමට සහ ලංකාවේ තියන ඒ සමාගමේ ශාඛාවකට. නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් කොහොමද පෞද්ගලික ආයතනයක කටයුත්තකට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ කියන එක තමයි අපේ පළවෙනි ප්‍රශ්නය.
අනිත් කාරණය තමයි මේ වැඩසටහනට ශිෂ්‍යයන් 5000ක් පමණ සහභාගි වුණා. ඒ අයගේ පවුල්වලින් රුපියල් 5000 බැගින් විශාල මුදලක් මෙතනදි එකතු කරලා තියනවා. ඊට අමතරව දැන් නැවත මේ ළමයින්ගෙන් ලෝගෝ එකකට කියලා රුපියල් 3450ක් සහතිකයට සහ 2350ක් බැගින් එකතු කරන්න යනවා. මේ අම්මලා තාත්තලා දුෂ්කර ප්‍රදේශවල ඉඳන් තමන්ගේ ළමයා කොළඹ අරගෙන එන්න ඇවිත් මේ දවස් කිහිපයේ කොළඹ නවතින්න ආදී වශයෙන් විශාල මුදලක් වැය කරලා තියනවා. සමහර පවුල්වලට රුපියල් 30,000ක් විතර මේ වැඩේ වෙනුවෙන් වියදම් වෙලා තියනවා. හැබැයි අන්තිමට මේ ඔක්කොම කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමකට ගිනස් වාර්තාවක් ලබාදෙන්න.
අපි අද මේකට සම්බන්ධ වුණු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ කරුණු සියල්ල පැමිණිල්ලේ අඩංගුයි. මේ වැඩසටහනට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ කවර පදනමකින්ද සහ මේ අහිංසක දෙමාපියන්ගෙන් එකතුකරපු අතිවිශාල මුදල් ප්‍රමාණයට මොකද වුණේ කියලා රටට හෙළිදරව් කළ යුතුයි. අපි හිතනවා අනිත් පැමිණිලි වගේම කඩිනමින් අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙනුත් මැදිහත් වෙලා වගකිවයුත්තන් අධිකරණයට ගෙනියයි කියලා.”
මූලාශ්‍රය: Divaina පුවත්පත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..