මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි..
ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් කුමාරසිංහ වෙත අද (26) භාරදී තිබේ.
ඒ අනුව, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන අද දිනයේම ඔහු උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි සඳහන් කර ඇත්තේ.
එම ලිපිය මගින් ඔහු කියා සිටින්නේ උප සභාපති ධුරයට අමතරව තමන් දැරූ මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාවේ සහ කාර්මික සේවා කාරක සභාවෙන් ද ඉල්ලා අස්වන බවයි.
අගලවත්ත නගරය නිසි පරිදි ප්‍රතිසංවිධානය කිරීමට තිබූ සැලසුම් නොසලකා හැරීම නිසා අගලවත්ත නගරය තවමත් යටගිය තත්ත්වයේම පැවතීම, මතුගම අධිකරණයේ තදබදය අවම කරමින් අගලවත්තට අධිකරණ සංකීර්ණයක් සහ නව පොලිස් ස්ථානයක් ගෙන ඒමට දුල්වෙල්ල ප්‍රදේශයෙන් වෙන් කළ අක්කර දෙකක භූමියේ වැඩකටයුතු දේශපාලන බලපෑම් මත නතර කිරීම, ප්‍රාදේශීය ලේකම්වරයා නිදහස් කර දුන් භූමියක 'හෙළ බොජුන්' අවන්හලක් ඇතුළු වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කළ යෝජනාවට සහය නොදැක්වීම යන කරුණු ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.
තවද, මහජනතාවට සහ පාසල් දරුවන්ට අනතුරක්ව පවතින අගලවත්ත මංසන්ධියේ ඇති අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට දිගින් දිගටම බාධා කිරීම, නගරයේ පවතින අබලන් පොදු වැසිකිළි වෙනුවට නව වැසිකිළි පද්ධතියක් හැදීමට ප්‍රමුඛතාව නොදී, සභාව සතු රුපියල් ලක්ෂ 400කට ආසන්න මුදල බැංකු පොතේ "යෝධ ඉතිරියක්" ලෙස තබාගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීම, තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සූර්ය කෝෂ සහිත වීථි පහන් පද්ධතියක් සවි කිරීමට සහ අනෙකුත් කොට්ඨාස 11 ආලෝකමත් කිරීමට ඉල්ලූ බලතල ලබා නොදීම යන කරුණු ද සඳහන්.
එසේම රටේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස වියතුන්ගේ ප්‍රසාදයට ලක්වූ වටිනා වාර්තාවක් ඉදිරිපත් කළ ද, සභාපතිවරයා ඇතුළු NPP කණ්ඩායම එය කියවා තේරුම් ගැනීමටවත් උත්සාහ නොකර කුණු බක්කියට දැමීම සහ රිදීරේඛාගම මාර්ගය නඩත්තුව සඳහා කළ ඉල්ලීම් දේශපාලන පටු මනසකින් යුතුව මඟ හැරීම ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විමට හේතු වී ඇති බවයි එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..