තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුද්දක්..
තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) විසින් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නංවමින්, ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව, තමිල්නාඩු රජය බලයට පත්ව දින 43 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම 'රන් මුදු ව්‍යාපෘතිය' සඳහා වන නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට මහ ඇමතිවරයා පියවර ගෙන ඇත.
'තායිමාමන්' ලෙසින් හැඳින්වෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ තමිල්නාඩුවේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම ග්‍රෑම් එකක් බරැති රන් මුදුවක් පිරිනැමීමට නියමිතය.
මෙහිදී රජයේ රෝහල්වල උපදින දරුවන් සංඛ්‍යාව මෙන්ම ඔවුන් පිරිමි හෝ ගැහැණු දරුවන් ද යන්න කිසිදු භේදයකින් තොරව සෑම දරුවෙකුටම මෙම රන් මුදුව හිමිවීම විශේෂත්වයකි.
මෙම සුභසාධන ව්‍යාපෘතිය සඳහා තමිල්නාඩු රජය විසින් වසරකට ඉන්දීය රුපියල් කෝටි 755.83 ක මුදලක් වැය කිරීමට තීරණය කර ඇත.
බෙදාහැරීමේ පහසුව තකා මෙම රන් මුදු රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කර තැබීමට කටයුතු යොදා තිබේ.
මෙම ව්‍යාපෘතිය තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ 'CM අන්නාදුරේ' මහතාගේ උපන්දිනය යෙදෙන සැප්තැම්බර් 15 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..