උඩපළාත ප්‍රා.ලේගේ කථාව බොරුවේ.. දිට්වා වලට ලැබුණු කෝටි ගණනක ආහාර බෙදා නෑ..
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසා දමා තිබූ කාමරවල තිබී විදේශ රටවලින් පරිත්‍යාග ලෙස ලැබුණ සහල්, පරිප්පු, සැමන්, චීස් හා වෙනත් ආහාර ද්‍රව්‍ය තොගයක් කල් ඉකුත්ව ගුල්ලන්ට බිලි වී තිබියදී කොළඹින් පැමිණි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරින් විසින් ඊයේ (25) සොයා ගනු ලැබිය.
දිට්වා සුළිකුනාටුවෙන් ආපදාවට පත් ගම්පොල ජනතාවට බෙදාදීම සඳහා ගම්පොල උඩපලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලැබී තිබුණ වියලි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ඇතුළු භාණ්ඩ ජනතාවට ලබා නොදී ගොඩ ගසා තිබීම නිසා එම ද්‍රව්‍ය විනාශ වී තිබුණි.
එහි පෙරේදා (24) ගිය විගණන අංශ වෙත ප්‍රාදේශීය ලේකම්වරියගේ බාධා කිරීම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය 25 දින එහි පැමිණියේය.නමුත් ඔවුන්ට ද එදින පෙරවරුවේ සිට සවස හතර පසුවන තුරු ප්‍රාදේශීය ලේකම්වරිය විසින් බාධා කිරීම නිසා එම ශීල් තබා තිබූ ගබඩා කාමර විවෘත කර ගැනීමට නොහැකිවිය. පසුව එම නිලධාරීන් ඉහළ උපදෙස් ලබා ගනිමින් පොලිසිය ඉදිරිපිටදී මේ එක් ගබඩාවක් කඩා විවෘත කිරීමේදී මෙම භාණ්ඩ තොගය හමුවුණි.
පසුව අනික් ගබඩා දෙකද විවෘත කර අවස්ථාවේදී ඒවාහි ද විවිධ වූ ද්‍රව්‍යයන් ගොඩ ගසා තිබී හමුවුණි.රුපියල් කෝටියකට අධික මෙම ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳ කිසිදු ලේඛනයක සඳහන් නොවී තිබූ අතර මාස හතක් පුරා මෙම ද්‍රව්‍යය ආපදාවට ලක් වූවන්ට බෙදාහැර නොතිබුණි. සිද්ධිය පිළිබඳව ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය මාධ්‍යට (24) පැවැසූ දේ නිළධාරීන් ඉදිරියේ (25) බොරුවක් බවට පත් විය.
මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කෙළේ විමර්ශන වාර්තා තමන් වෙත ලැබුණ පසු ඒවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යොමු කර මෙම සිද්ධින්ට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.
- ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..