චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි..
බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ, 'බහුජන බලය' සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අනුව, බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්.
චරිත් අබේසිංහට එරෙහිව මතුව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සැලකිල්ලට ගනිමින් බහුජන බලය සංවිධානය මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා, බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය විමර්ශන ආරම්භ වී තිබීම, එම චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කර තිබීම, මෙම තත්ත්වය හමුවේ බහුජන බලය සංවිධානයේ කීර්තිය, විශ්වසනීයත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීමේ දැඩි අවශ්‍යතාව මතු වීම සහ යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ දූෂණයට එරෙහි ස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කරන සංවිධානයක් ලෙස සිය මූලධර්ම ආරක්ෂා කිරීම යන කරුණු මූලික වී තිබේ.
මෙම තීරණය ඔහු වරදකරු බවට පූර්ව නිගමනය කිරීමක් නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර, අධිකරණයේ අවසන් තීන්දුව ලැබීමට පෙර, සංවිධානයේ ගෞරවය සහ මහජන විශ්වාසය සුරැකීම උදෙසා ගනු ලැබූ පරිපාලනමය තීරණයක් පමණක් බව බහුජන බලය පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..