News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි..

Jun 24, 2026 at 04:37 PM
|

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වනදා දක්වා කල් තබා තිබේ.

මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයෙන් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙලෙස දෙවන දිනටත් කැඳවනු ලැබීය.

අද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දැක්වීම සිදුකර තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වනදා දක්වා කල් තබා ඇත.

සම්බන්ධිත පුවත් | Related News

අයි.ඩී.එච්.ඩෙංගු යුනිට් එක සෙනසුරාදා - ඉරිදා වසා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පා.ම. ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.
සෝමවංශ අමරසිංහ මහතාගේ 10 වන ගුණසමරුව නිමිත්තෙන් පැවැත්වුණු උත්සවයකදී ‘දෙවන පරපුර’ පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා විසින් විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කරන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අසීරුම අවස්ථාවන්හිදී රැකගත් දේශපාලන උරුමය සහ ප්‍රතිපත්ති අත්හැරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශවයන්ට කිසිදු අයිතියක් නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීරයන් සහ පක්ෂය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ සෝමවංශ අමරසිංහ වැනි නායකයන් එදා ආරක්ෂා කළ ප්‍රතිපත්ති, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ පාවා දෙමින් පවතිනවාද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් මත්තේගොඩ විහාරස්ථානයට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.
දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000ට ආසන්න වී තිබේ.
කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ප්‍රාදේශීය ගොවි ජනතාව සිය දැඩි විරෝධය පළකර සිටිති.
වත්මන් රජය මහජනතාවගේ හැම රුපියලක්ම සාංඝික දේපළක් මෙන් රකිමින් සිටින බවත් කිසිඳු මන්ත්‍රීවරයෙක් රජයෙන් වාහන මෙතෙක් ලබාගෙන නොමැති බවත් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන පවසයි.

ප්‍රධාන පුවත්

16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට..

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පා.ම. ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

"සෝමවංශ රැකපු උරුමය අනුරට අත්හරින්න බෑ".. - උවිදු විජේවීර

සෝමවංශ අමරසිංහ මහතාගේ 10 වන ගුණසමරුව නිමිත්තෙන් පැවැත්වුණු උත්සවයකදී ‘දෙවන පරපුර’ පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා විසින් විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කරන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අසීරුම අවස්ථාවන්හිදී රැකගත් දේශපාලන උරුමය සහ ප්‍රතිපත්ති අත්හැරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශවයන්ට කිසිදු අයිතියක් නොමැති බවයි.

"සෝමවංශලා, විජේවීරලා එදා කරපු දේ අනුරගේ ආණ්ඩුවෙන් පාවා දෙනවාද?" - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීරයන් සහ පක්ෂය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ සෝමවංශ අමරසිංහ වැනි නායකයන් එදා ආරක්ෂා කළ ප්‍රතිපත්ති, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ පාවා දෙමින් පවතිනවාද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පාස්කු දා ප්‍රහාරයේ මහ නඩුවේ තීරණාත්මක තීන්දුවක්.. නවුෆර් මවුලවිගේ කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් බව තහවුරු කෙරේ..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමු වැනි චුදිත වන සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද දින සිදුකිරීමට නියමිතව තිබේ.

ඇමරිකානු උප ජනපතිගේ මුහුණවත් නොබලා ඉරානය නැඟිටලා ආවේ ඇයි? ඉරාන - ඇමරිකානු ගැටුම සහ නව ලෝක දේශපාලන ප්‍රවණතා ගැන උවිඳු විජේවීරගෙන් විග්‍රහයක්

වත්මන් ගෝලීය දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වන ඉරාන-ඇමරිකානු අර්බුදය සහ ඉන් ගෝලීය බලතුලනයට එල්ල වන බලපෑම පිළිබඳව දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

විනිසුරුවරුන් අටදෙනකු පත් කිරීමට පියවර නොගැනීමෙන් ජනපති අනුර ලොවෙත් නැති වාර්ථාවක් තියලා.. - අජිත් පී. පෙරේරා

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වැනි ඉහළම අධිකරණ පද්ධතිය සඳහා විනිසුරුවරුන් අටදෙනකු පත් කිරීමට පියවර නොගැනීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරළිකාර වාර්තාවක් තබා ඇති බව කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ලංකා ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය අරඹන්න ඉන්දියාව සූදානමින්..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් යෝජිත ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබුණු සැනින් ඊට අදාළ පියවර ගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බව මෙම විෂය පිළිබඳව සමීපව කටයුතු කරන ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් අනාවරණය කරයි.

"සමහර පියතුමන්ලාට වඩා සුරේෂ් සලේ රටට වැඩක් කළ කෙනෙක්" – විජයදාස රාජපක්ෂ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ ඇතැම් කතෝලික පියතුමන්ලාට වඩා සුරේෂ් සලේ මහතා මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ නිලධාරියකු බවය.

පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. - උදය ගම්මන්පිල

කතෝලික සභා නීතියට අනුව මැල්කම් රංජිත් කාදිනල්තුමා සිය 75 වැනි විය සපුරන 2022 නොවැම්බර් මස 15 වැනිදා කොළඹ අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියපු ගොවි පුත්තු හතරදෙනා එකතු වෙලා අද ගොවියන්ව නන්නත්තාර කරලා.. වී මිල රැකීමට සහ ගොවියා ණය බරින් මුදවා ගැනීමට “ගොවිජන බැංකුව” වහාම පණ ගන්වනු! - ජයන්ත සමරවීර

වර්තමාන මාලිමා රජය බලයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවූ මෙරට ගොවි ජනතාව අද වන විට එහි අනපේක්ෂිත ප්‍රතිඵල බුක්ති විදිමින් සිටින බවත්, ගොවියා නගාසිටුවන්නට පැමිණි රජයේ සුරංගනා කතා හා පරණ පොරොන්දු අමතක කිරීම හමුවේ අන්ත අසරණ වී, යන එන මං නැති තත්ත්වයකට ලොවි ජනතාව පත්ව සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව අවධාරණය කළේ (21) දින කොළඹ බත්තරමුල්ලේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

WhatsApp දුරකතන අංක හැකරුන් පැහැර ගනියි! අංකය හිමිකරුගේ හිතවතුන්ගේ මුදල් හැකරුන් ක්ෂණිකව පැහැර ගනියි!

මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් සහ සමාජයේ පිළිගත් පුද්ගලයන් ඇතුළු විවිධ වෘත්තීය කණ්ඩායම්වල පුද්ගලයන්ගේ WhatsApp ගිණුම් සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කර ගැනීමේ (hacking) සිද්ධීන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

සුරේෂ් සලේගේ ජීවිතය අනතුරේ.. වහාම මැදිහත් වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිගෙන් ඉල්ලයි..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින්, ඒ පිළිබඳව වහාම අවධානය යොමු කර මානුෂීය පදනමක් මත මැදිහත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය (GSLF) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දේශමාමකත්වය, යුද ජයග්‍රහණය සහ ජාතික නායකත්වය: සුරේශ් සලේ සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ භූමිකාව පිළිබඳ විශ්ලේෂණයක්..

​දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදය පරාජය කිරීම යනු හුදෙක් යුද පිටියේදී පමණක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. එය යුදමය, බුද්ධිමය, ආර්ථිකමය සහ රාජ්‍යතාන්ත්‍රික යන අංශ රැසක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි..

හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා වසා දැමීමට පියවර ගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.