යුක්රේනයේ ඉලක්ක වෙත ‘දැවැන්ත ප්‍රහාරයක්’ එල්ල කළා - රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සතියේ යුක්රේනයේ විවිධ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසයි.
ඊයේ (29 ) රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයට අනුව “කණ්ඩායම්” ප්‍රහාර 50 ක් සහ නිරවද්‍ය මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් තනි “දැවැන්ත” ප්‍රහාර මාලාවක් එල්ල කළ බව පැවසේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඔවුන් එල්ල කළ ඉලක්ක අතර “අවි ආයුද නිපදවන කර්මාන්ත ශාලා, හමුදා ගුවන් තොටුපල සහ හමුදා යටිතල පහසුකම් මධ්‍යස්ථාන ,කාලතුවක්කු අවි ගබඩා මධ්‍යස්ථාන, නාවික ඩ්‍රෝන, හමුදා වාහන සඳහා ආයුධ සහ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන” මෙන්ම හමුදා කඳවුරුද අයත්ව තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකශකයට අනුව ඉලක්ක සියල්ලටම සාර්ථක ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ අතර යුක්‍රේන සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි වැලරි සාලුෂ්නි පවසා සිටියේ 28 වනදා සවස සහ 29 වනදා උදෑසන කියෙව් භටයින් විසින් අවම වශයෙන් රුසියානු ප්‍රහාර 158 ක් නිරීක්ෂනය කල බවය. එලෙසම ඩ්‍රෝන යානා 27ක් සහ කෲස් මිසයිල 87ක් විනාශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශක යූරි ඉග්නාට් රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අපගේ නිරීක්ෂන මධ්‍යස්ථාන වෙත එකවර මෙතරම් ප්‍රහාර ප්‍රමාණයක් එල්ලවනවා අප කිසි දිනෙක අත් විඳ නැත” යනුවෙනි.
මේ අතර යුක්‍රේනයේ විවිධ ප්‍රදේශවල නිලධාරීන් කියෙව්හි ගබඩා කිහිපයකට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට හානි සිදුවී ඇති බව ප්‍රකාශ කළහ. https://www.rt.com/russia/589869-moscow-massive-attack-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..