හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක් හෙළිවෙයි..
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවිඩයක ස්වරූපයෙන් WhatsApp හරහා පැමිණෙන සූක්ෂ්ම මූල්‍ය වංචාවක් පිළිබඳව වහාම අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉතා නීත්‍යනුකූල සහ නිල ස්වරූපයෙන් මෙම වංචාව සිදුකරන බැවින් ඕනෑම අයෙකු මීට පහසුවෙන් ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.
වංචාකරුවන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල දුරකතන අංක, ඊමේල් ලිපිනයන් සහ කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග පරිදි නිකුත් කරන බව හැඟවෙන පරිදි සකස් කළ WhatsApp පණිවිඩයක් අදාළ පුද්ගලයා වෙත එවනු ලබයි.
එම පණිවිඩයේ,
"පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතට අනුව, ඔබගේ ජාතික හැඳුනුම්පත් (NIC) තොරතුරු යාවත්කාලීන කිරීම සහ සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ආරාධනා කරනු ලැබේ..." යනුවෙන් සඳහන් වේ.
මීට අමතරව, පණිවිඩය ලබන තැනැත්තාගේ සම්පූර්ණ නම, හැඳුනුම්පත් අංකය සහ ලිපිනය ද එහි නිවැරදිව සඳහන් කර ඇති බැවින් කිසිවෙකුටත් මේ පිළිබඳව සැකයක් උපදින්නේ නැත. තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා පැමිණිය යුතු දිනය, වේලාව, ස්ථානය මෙන්ම රැගෙන ආ යුතු මුල් ලේඛන සහ ජෛවමිතික සත්‍යාපන (දකුණු මාපටැඟිල්ල) විස්තර ද එහි අඩංගු වේ.
මෙම පණිවිඩය අවසානයේ වංචාකරුවන් විසින් පහත දැක්වෙන තීරණාත්මක අනතුරු ඇඟවීම ඇතුළත් කර තිබේ.
"මෙම සත්‍යාපනයට සහභාගී වීමට අපොහොසත් වීමෙන් ඔබගේ ජාතික හැඳුනුම්පතට සම්බන්ධ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට හේතු විය හැක. ඔබට නැවත කාලසටහන්ගත කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ හමුවීමට අවම වශයෙන් පැය 24 කට පෙර අපගේ උපකාරක අංකය අමතන්න."
බොහෝ දෙනෙකුට මෙම පණිවිඩය ලැබෙන්නේ නියමිත දිනයට මොහොතකට පෙර බැවින්, හැඳුනුම්පත අත්හිටුවාවි යන බියෙන් ඔවුන් වහාම එහි ඇති ව්‍යාජ දුරකතන අංකයට ඇමතුම් ලබා ගනී. ඉන්පසු වංචාකරුවන් විසින් අයදුම්පතක් පිරවීමේ මුවාවෙන් වින්දිතයන් ලවා OTP ඇතුළු රහස්‍ය මුරපදයන් ලබාගෙන, ඔවුන්ගේ බැංකු ගිණුම් සූක්ෂ්ම ලෙස හිස් කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරන්නේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක WhatsApp හරහා තොරතුරු සත්‍යාපනය කිරීමක් සිදු නොකරන බවයි.
එබැවින් මෙවැනි පණිවිඩවල ඇති ව්‍යාජ වෙබ් අඩවි ලිපින (Links) වෙත පිවිසීමෙන් සහ දුරකතන අංකවලට ඇමතීමෙන් වැළකී, තමන්ගේ රහස්‍ය බැංකු තොරතුරු හෝ OTP කේත කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදීමට බුද්ධිමත් වන ලෙස ද දන්වා සිටී.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..