News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරය ඇමරිකාවේ සැලසුමක්.. එල්ල කරන්න සිටියේ පෝයදා පෙරහැරට.. - ප්‍රහාරයේ ඇප මත සිටින ප්‍රධාන සැකකරුවෙක් හෙළිකරයි..

Jun 23, 2026 at 12:39 PM
|

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු වන මොහොමඩ් ෆසල්, එම ප්‍රහාරය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් කර තිබේ.

මොහොමඩ් ෆසල් පවසන පරිදි, මෙම ප්‍රහාරය ඉන්දියාවේ ‘රෝ’ සංවිධානය මෙහෙයවූවක් නොව, එය සම්පූර්ණයෙන්ම ඇමරිකානු ව්‍යාපෘතියක් වේ.

ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සම්බන්ධ කර ගැනීම සඳහා ඇමරිකානු බලධාරීන් විසින් ‘අබූහින්’ නමැති ව්‍යාජ චරිතයක් නිර්මාණය කළ බව ඔහු සඳහන් කරයි.

මෙම අබූහින් මුලින්ම සහරාන්ගේ මල්ලි හරහා ඔහු සම්බන්ධ කරගෙන පසුව සහරාන්ව ප්‍රහාරය සඳහා පොළඹවා ඇති බව ෆසල්ගේ මතයයි.

මෙම සාකච්ඡාවේදී ඔහු කළ තවත් කැපී පෙනෙන හෙළිදරව්වක් වන්නේ, සහරාන් ඇතුළු පිරිසගේ මුල් සැලසුම තිබුණේ කිතුනු දේවස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට නොවන බවයි.

ඔවුන්ගේ මූලික ඉලක්කය වී තිබුණේ පොසොන් හෝ වෙනත් පෝය දිනක පැවැත්වෙන බෞද්ධ පෙරහරකට ප්‍රහාර එල්ල කිරීම බව ඔහු පවසයි.

බෞද්ධ ජනතාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීම මගින් රට තුළ විශාල කලබලයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වූ බව ෆසල් වැඩිදුරටත් කියා සිටියි.

ප්‍රහාරය එල්ල කිරීමට ඔවුන් අප්‍රේල් 14 වනදා පැවති අවුරුදු උත්සවයකට ද සැලසුම් කර තිබුණත්, ඒ වන විට පුපුරන ද්‍රව්‍ය නිසි ලෙස වේළී නොතිබීම හේතුවෙන් එම සැලසුම වෙනස් වූ බව ඔහු හෙළි කරයි.

මෙම පුපුරන ද්‍රව්‍ය කඩිනමින් වේළා ගැනීම සඳහා සහරාන්ගේ පිරිස වොෂින් මැෂින් එකක් පවා මිලදී ගෙන ඇති අතර, ප්‍රහාරයට පෙර බෝම්බ ප්‍රවාහනය කළ ලොරියේ මෙම වොෂින් මැෂින් එක ද තිබූ බව ඔහු පවසයි.

දැනට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති ප්‍රධාන සැකකරුවන් 24 දෙනාගෙන් වැඩි පිරිසක් නිර්දෝෂී බව තමන් විශ්වාස කරන බවත්, ඔවුන් වෙනුවෙන් නීතිඥ ගාස්තු සහ ඔවුන්ගේ පවුල්වල නඩත්තුව සඳහා තමන් පෞද්ගලිකව වියදම් කරන බවත් ඔහු අනාවරණය කළේය. මේ සඳහා මේ වන විටත් තමන් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව ඔහු සඳහන් කරයි.

අසාධාරණයට ලක්ව ඇති මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, සැබෑ සැලසුම්කරුවන් සැඟවී සිටින බවත් පවසන ෆසල්, මෙම කරුණු පිළිබඳව සාක්ෂි සහිතව ඕනෑම තැනකදී කරුණු දැක්වීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේය.


සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියතාවය එතරම් ඉහළ නම් රටපුරා ජන රැළි සංවිධානය කිරීම සහ මෙහිදී ආරක්ෂක අංශවල පිරිවැය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
රෝහල්වල බාහිර රෝගී අංශවල තදබදය අඩු කිරීම සඳහා "පවුලේ වෛද්‍යවරයා" සංකල්පය හඳුන්වා දීම ප්‍රශස්ත පියවරක් වුවද, එය නිදහස් සෞඛ්‍යයට හානි වන හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටවන ව්‍යාපෘතියක් බවට පත් නොකර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.
ඉරානය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ගල්ෆ් කලාපයෙන් තාර ගෙන ඒමට ඇතිවී තිබෙන බාධා, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීමට හේතුවිය හැකි බවට දේශීය ඉදි කිරීම් ක්ෂේත්‍රය අනතුරු අඟවයි.
මුලතිව් වෙරළ ප්‍රදේශයට මේ දින වල විශාල වශයෙන් මිය ගිය මසුන් ගොඩ ගසා ඇති අයුරු දක්නට ඇති බව එම ප්‍රදේශ වල ප්‍රදේශෙවාසිහු සදහන් කරති.
දිවයින පුරා භාවිත වන සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගයේ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද (07) දහවල් 12:00 ට පෙර ගොනු කිරීමට හැකියාව පවතී.

ප්‍රධාන පුවත්

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.