News Category
From Date
To Date
Maximum Number of Result

කටු පොල් සහ ඉඩම් මංකොල්ලය නිසා ලයිබීරියාවේ එළවා දැමූ ‘කැපිටල් මෙටල්ස්’ ලංකාවේ ඛනිජ සම්පත් මංකොල්ලයට බැහැලා..

Jun 20, 2026 at 06:09 AM
|

ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ‘කැපිටල් මෙටල්ස්’ (Capital Metals PLC) සමාගම විසින් දේශීය සමාගම් කිහිපයක් හා එක්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ බර ඛනිජ වැලි (Heavy Mineral Sands) කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.

අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සිට පානම දක්වා වර්ග කිලෝමීටර් 700කට වඩා වැඩි වෙරළ සහ මුහුදු කලාපයක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. වසර 10ක් ඇතුළත මෙරටින් ඉල්මනයිට්, රුටයිල් සහ සර්කෝන් වැනි වටිනා ඛනිජ වැලි මෙට්‍රික් ටොන් මිලියන 17.2ක් ඉවත් කර ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සමාගමේ සැලසුමයි. කෙසේ වෙතත්, මේ හරහා රජයට බදු සහ රෝයල්ටි ලෙස වසරකට ලැබෙන්නේ ඩොලර් මිලියන 10ක් වැනි සුළු මුදලක් සහ සෘජු රැකියා 300ක් පමණක් බව වාර්තා වේ.

මීට පෙර බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවේ ‘Equatorial Palm Oil Company’ ලෙස කටයුතු කරමින්, එහි බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා එරටින් ඉවත් වූ ව්‍යාපාරික ජාලය, 2021 වසරේදී ‘Capital Metals’ ලෙස නම වෙනස් කරමින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මඩකලපුව සහ පොතුවිල් වැනි සංවේදී කලාපවල ධීවර කර්මාන්තය විනාශ වීම, භූගත ජලයට ලුණු ජලය කාන්දු වීම නිසා අම්පාරේ කෘෂිකර්මාන්තයට හානි වීම සහ ආරුගම්බේ වැනි ලෝක ප්‍රසිද්ධ සංචාරක කලාපවල වෙරළ ඛාදනය වීම වැනි බරපතළ පාරිසරික හා ආර්ථික අර්බුද රැසක් නිර්මාණය විය හැකි බවට පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා හෙළිකර ඇති තොරතුරු පහළින්..

කටු පොල් සහ ඉඩම් මංකොල්ලය නිසා ලයිබීරියාවේ එළවා දැමූ ලංකාවේ ඛනිජ සම්පතට කෙලින්න බලාගෙන පාසල් වලට TV බෙදන Capital Metals..

 ඔබ දන්නවාද? 2013 වසරේදී බටහිර අප්‍රිකාවේ පිහිටි ලයිබීරියාව කියන රටේ වැසියන් පිරිසක් එංගලන්තයෙන් ඒ රටට ආපු ප්‍රබල Palm Oil සමාගමකට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක්ම එල්ල කරනවා. 

ඒ, තමන්ගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, වනාන්තර සහ ගොවිබිම් විනාශ කිරීම සහ ඊට එරෙහි වූවන් බියගැන්වීම් හා අත්අඩංගුවට පත්කිරීම්වලට ලක් කිරීම සම්බන්ධයෙන්. 'ග්ලෝබල් විට්නස්' (Global Witness) වැනි ජාත්‍යන්තර සංවිධාන පවා මෙහි සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ලෝකයටම හෙළි කළා. අවසානයේදී ඇතිවූ දැඩි දෝෂාරෝපණ සහ මූල්‍ය අර්බුද හමුවේ එම සමාගමට ලයිබීරියාවෙන් ඉවත් වන්නට සිදු වෙනවා. ඒ සමාගමේ නම තමයි - Equatorial Palm Oil Company.

හැබැයි කතාව එතැනින් ඉවර වෙන්නේ නැහැ.

එලෙස අප්‍රිකානු කලාපයේ මතභේදයට තුඩුදුන් ව්‍යාපාරික ජාලයන්ට සම්බන්ධ පුද්ගලයින් සහ ආයෝජකයින්, වසර කිහිපයකට පසු තමන්ගේ මුහුණුවර වෙනස් කරගෙන දකුණු ආසියාවේ ඉතාමත් සංවේදී වෙරළ තීරයක් සහිත රටකට පැමිණෙනවා. ඒ වෙන කොහෙවත් නෙවෙයි, අපේ ශ්‍රී ලංකාවට!

අද වන විට "කැපිටල් මෙටල්ස්" (Capital Metals PLC) නමැති ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක්, දේශීය සමාගම් (Damsila Exports) සහ මෙරට ප්‍රබල ව්‍යාපාරික ජාලයන් (Ambeon Capital වැනි) සමග අත්වැල් බැඳගෙන, ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි අතිශය වටිනා බර ඛනිජ වැලි (Heavy Mineral Sands) කැණීමේ ව්‍යාපෘතියකට සැරසෙනවා.

එම සමාගමේ වාර්තාවලට අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සිට පානම දක්වා වර්ග කිලෝමීටර් 700කට වඩා වැඩි (කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා විශාල) වෙරළ සහ මුහුදු කලාපයක් මෙම ව්‍යාපෘතියට අයත් වෙනවා. එහි ඇති ඉල්මනයිට්, රුටයිල්, සර්කෝන් සහ ගානට් වැනි වටිනා ඛනිජ වර්ග ලෝකයේ දියුණුම අභ්‍යවකාශ, ආරක්ෂක සහ පුනර්ජනනීය බලශක්ති කර්මාන්ත සඳහා අත්‍යවශ්‍යයි.

වසර 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙරටින් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් මිලියන 17.2ක් ඉවත් කර, ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් සහ සියයට 98කට ආසන්න ලාභ ප්‍රතිශතයක් (IRR) උපයා ගැනීම තමයි ඔවුන්ගේ සැලසුම.

මෙහි ඇති තවත් බරපතළම ගැටළුවක් වන්නේ ආර්ථික වාසියට වඩා රටට සිදුවන පාරිසරික සහ සමාජයීය විනාශයයි.

වෙරළබඩ ඛනිජ වැලි යනු වසර මිලියන ගණනක් තිස්සේ ස්වභාවධර්මයෙන් නිර්මාණය වූ, නැවත උපද්දවිය නොහැකි (Non-renewable) සම්පතකි.

පරිසර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේවා මහා පරිමාණයෙන් හෑරීම නිසා සිදුවන හානිය කිසිදා යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි:

- ධීවර කර්මාන්තය විනාශ වීම: මඩකලපුව, පොතුවිල් වැනි සංවේදී පරිසර පද්ධති සහ ධීවර කලාප විනාශ වීමෙන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වේ.

- ගොවිතැනට මරු පහරක්: ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් කරන අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කුඹුරු ඉඩම්වල භූගත ජල පද්ධතියට ලුණු ජලය කාන්දු වීම (Saltwater intrusion) නිසා කෘෂිකර්මාන්තය සහ බීමට ගන්නා පිරිසිදු ජලය සහමුලින්ම නැතිවී යා හැක.

- සංචාරක ව්‍යාපාරයට බලපෑම්: ආරුගම්බේ වැනි ලෝක ප්‍රසිද්ධ සංචාරක කලාප ආශ්‍රිතව සිදුවන වෙරළ ඛාදනය නිසා, වසරකට ඩොලර් බිලියන ගණනින් රටට ආදායම් දෙන සංචාරක කර්මාන්තය කඩා වැටිය හැක.

රාජ්‍යයට බදු සහ රෝයල්ටි ලෙස වසරකට ලැබෙන්නේ ඩොලර් මිලියන 10ක් වැනි සුළු මුදලක් සහ සෘජු රැකියා 300ක් පමණක් වන විට, සංචාරක ව්‍යාපාරයෙන් පමණක් 2025 වසරේදී ලංකාව ඩොලර් බිලියන 3ක් උපයා තිබෙනවා. එසේ නම් අප මේ කරන්නේ රත්තරන් බිත්තර දාන කිකිළියෙක් මරා දැමීමක් නොවේද?

අපේ රටේ රජයත් මේ වෙනකොට, “හා….කමක් නෑ. අපිට ඔයාලගේ ඉතිහාසය වැඩක් නෑ. ඕන දෙයක් කරගන්න, අපිට ඕනෙ ඩොලර්. මෙන්න ‘නීතියත්’ අපි වෙනස් කරලා දෙන්නම් - යනුවෙන් ක්‍රියා කිරීම තවත් බරපතල කාරණාවක්.  

රජයට තවත් වරක් 2000 April 07 - එප්පාවල නඩු තීන්දුව මතක් කරන්නම් 

"රජය යනු රටේ ස්වභාවික සම්පත් තමන්ට හිතුමනාපයට විකුණා දැමිය හැකි අයිතිකරුවෙකු නොව, එය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු භාරකරුවෙකු (Custodian) පමණි."  

- (Bulankulama v. Ministry of Industrial Development) S.C. 884/99 (F.R.)




සම්බන්ධිත පුවත් | Related News

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.
ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.