ඕනෑම සංවිධානයක රැස්වීමකට වඩා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රමුඛයි.. - ඇමති චන්දන අබයරත්න
යම් ප්‍රදේශයක පවතින ප්‍රමුඛතම සංවර්ධන යාන්ත්‍රණය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වන බැවින්, එහි රැස්වීම් මගනොහැර නිලධාරීන් සහභාගී විය යුතු බවත් වෙනත් ඕනෑම සංවිධානයක රැස්වීමකට වඩා මෙම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නිලධාරීන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (18) පැවැති පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
එහිදී රැස්වීමට නොපැමිණි නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු විමසමින් අමාත්‍යවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කර සිටියේය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගත් තීරණවලට අනුව, ජනතාවගේ ගැටලු විසඳීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට කැඳවා ඇති අදාළ රාජ්‍ය නිලධාරීන් සාධාරණ හේතුවක් දැනුම් දීමකින් තොරව ඒ සඳහා සහභාගී නොවන්නේ නම් එමගින් ප්‍රදේශයේ ම සංවර්ධන වැඩ කටයුතු අඩාල වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. මෙවැනි කමිටු රැස්වීම් පවත්වන්නේ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් බවත්, එම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පවතින දිනවල රාජ්‍ය නිලධාරීන් වෙනත් කිසිදු බාහිර රැස්වීමක් යොදා නොගත යුතු බවට උපදෙස් ලබා දුන්නේය.
යම් නිලධාරියෙකුට වෙනත් රැස්වීමක් යෙදී ඇත්නම්, සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවතින බව පවසමින් එම රැස්වීම්වල දින වෙනස් කර ගැනීමට හෝ වෙනත් නිලධාරියෙකු සහභාගී කරවීමට කටයුතු කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
"මෙතන ගන්නා තීන්දු තීරණ පිළිබඳව නිලධාරීන් දැනුවත් විය යුතුයි. හදිසි අසනීප තත්ත්වයක් වැනි මානුෂීය කාරණයකදී හැර මරණාධාර සමිති හෝ වෙනත් සංවිධානවල වැඩකටයුතු සඳහා මෙම රැස්වීම් මඟහැරීමට කිසිදු නිලධාරියෙකුට අවසර නැහැ" යනුවෙන් මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
ප්‍රදේශීය සංවර්ධන කටයුතු වලට අදාළ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ජනයාගෙන් ලැබී ඇති ඉල්ලීම් හා ඒ සඳහා ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් විසඳීම වෙනුවෙන් ඉදිරියේදී ජංගම ඉඩම් සායනයක් පැවැත්වීමට ද මෙම රැස්වීමේදී තීරණය විය.
මෙම අවස්ථාවට කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ සභාපති නීල් නවරත්න, උප සභාපති අයි.එම්.චන්ද්‍රදාස යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින්, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් දුෂාන්ත මංජුල මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා මාතර ආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි