කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම සමාගමක් කිරීමට රජයේ අවධානය..
ලෝක බැංකු සමූහයේ දේශිය කළමනාකාර ගෙවෝගර් සාගර්සයාන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සම්බන්ධයෙන් වන නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙහිදී ලෝක බැංකුවේ දේශීය කළමනාකාරවරයා විසින් කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් රජය සතු දිශානතිය පිළිබඳව විමසා සිටි අතර, කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකු සමූහය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එකකාබද්ධව මේ වන විට විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව ද සඳහන් කළේය.
මේ වන විටත් ලෝක බැංකු සමූහය විසින් ඉදිරිපත් කර ඇති අරමුදල් යෝජනාව සහ මූල්‍ය ආකෘති පිළිබඳව රජය තවදුරටත් සලකා බලමින් සිටින අතර, එම කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම හමුවේදී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව අනාවරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය පියවර සඳහා මේ වන විටත් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබේ. එවැනි ආයතනික වෙනසක් සිදු කිරීමේදී වෘත්තීය සමිති පාර්ශවයන්ගේ ද එකඟතාවය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන අතර, සාම්ප්‍රදායික රාජ්‍ය ව්‍යවසාය ව්‍යුහයකට වඩා වැඩි ස්වාධීනත්වයක් සහ වාණිජමය වශයෙන් නම්‍යශීලිත්වයක් සහිත නව ආකෘතියක අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරුණි.
ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දුන්නේ වෙනත් රටවල මෙවැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී, විශේෂයෙන්ම වෘත්තීය සමිති සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳවයි. පෞද්ගලික අංශයේ සහභාගීත්වය තුළින් ආදායම් මාර්ග සහ සේවක සුභසාධනය සාර්ථකව වැඩි දියුණු කළ ආකාරය සහ සේවකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ සාර්ථක යෝජනා පිළිබඳ තමන් ලැබූ ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට ද ඔවුහු එකඟත්වය පළ කළහ. එහිදී සිංගප්පූරුව, ඩුබායි සහ ජෙඩා වැනි ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වරාය ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ලබා ගනිමින් බංග්ලාදේශයේ චිතගොං වරාය අධිකාරිය ලැබූ සාර්ථකත්වය ද නිදසුන් ලෙස සාකච්ඡාවට බඳුන් විය.
මීට අමතරව, වර්තමානයේ පවතින මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය නාවික ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් කොළඹ වරාය වෙත යොමුව ඇති බැවින්, ඒ පිළිබඳව ඉතා සැලකිලිමත් වී කටයුතු කරන ලෙස ලෝක බැංකු නියෝජිත පිරිස රජයෙන් ඉල්ලා සිටියහ.
වරාය ක්ෂේත්‍රයට අමතරව, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ සමස්ත දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, මෙම කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) සමඟ සාකච්ඡා වට පවත්වමින් සිටින බව ද හෙළි විය.
කොළඹ වරායේ ECT පර්යන්තය, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය ඉදිරි කාලය තුළදී වැදගත් ප්‍රතිපත්තිමය සහ ආයතනික තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බව සඳහන් කළ විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, එම සියලු තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික අංශ සහභාගිත්වය (PPP) සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුවම ගන්නා බවට සහතික වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති