කෙසෙල් කදෙන් අපි රෙදි හදන ෆැක්ටරියක් හදනවා.. මේ පැත්තෙන් කෙසෙල් කද දැම්මම එහා පැත්තෙන් නිමි ඇඳුම් එනවා..- නාමල් කරුණාරත්න
ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඇඹිලිපිටිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වය වන්නේ කෙසෙල් කඳ කර්මාන්තශාලාවට ඇතුළු කළ පසු ඉන් නූල් නිපදවා, ඒවා වර්ණ ගන්වා (Batik) අවසානයේ සම්පූර්ණ නිමි ඇඳුමක් ලෙස පිටතට පැමිණීමේ නවීන තාක්ෂණික ක්‍රියාවලියයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, "කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා. එමෙන්ම මෙහිදී ඉතිරිවන රොඩු කොටස් මගින් තවත් අතුරු නිෂ්පාදන රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා" යනුවෙනි.
මීට පෙර කෙසෙල් ගෙඩි පිරිසිදු කර පැකට් කර විදේශ රටවලට යැවීමේ ව්‍යාපෘතියක්ද ඇඹිලිපිටිය මොලකැටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති අතර, නව රෙදිපිළි කර්මාන්තශාලාව සඳහා දැනට භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පරිශ්‍රයක් යොදා ගැනීමට නියමිතය,.
මෙම ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාකරුවන්ට තම අස්වැන්නට අමතරව කෙසෙල් කඳ සඳහාද ඉහළ වෙළඳපොළ වටිනාකමක් හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..