ඩෙංගු රෝගීන් 10ක් වනතුරු දුම් නොගහන ප්‍රාදේශීය සභා ගැන නාමල් කියන කතාව..
ඩෙංගු මර්දනය සහ පාලනය සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ බලය හොබවන බහුතරයක් ප්‍රාදේශීය සභා නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ, කොළඹ අවට එක්තරා ප්‍රාදේශීය සභාවකට ඩෙංගු රෝගියෙකු වාර්තා වී ඇති බවට පැමිණිලි කළ අවස්ථාවක, මදුරු මර්දන දුම් ගැසීම සඳහා අඩුම තරමින් රෝගීන් දහ දෙනෙකුවත් සිටිය යුතු බවට බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.
රෝගීන් වැඩි වනතුරු බලා නොසිට, රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේදීම ප්‍රදේශයේ කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම වගකිවයුතු ආයතනවල වගකීමක් බවත්, රජය මේ පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේ.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ඩෙංගු මර්දනය සඳහා සැබෑ වගකීමකින් යුතුව මැදිහත් විය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, කොළඹ නගරාධිපතිනිය මුල් වකවානුවේදී බේරේ වැව පවිත්‍ර කරන බව පැවසුවද පසුගිය වෙසක් කලාප සමයේදී එහි සැබෑ අසාර්ථකත්වය දැකගත හැකි වූ බවයි සඳහන් කර සිටියේ.
මෙවැනි අකාර්යක්ෂම ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ දරුවන් විශාල පිරිසකට හානි විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
තවද, වත්මන් ආණ්ඩුව මැදපෙරදිග අර්බුදය සිය ප්‍රධාන දේශපාලන සාධකය බවට පත් කරගනිමින් ජනතාව මත අසීමිත ලෙස බදු පටවමින් තෙල් මිල ඉහළ දමන බවට ද ඔහු චෝදනා කර සිටියේය.
ලෝක වෙළෙඳපොළේ සහ කලාපයේ සෙසු රටවල තෙල් මිල අඩු වෙද්දී, මෙරට මිල ඉහළ දමන්නේ බාල ගල් අඟුරු නිසා සිදු වූ පාඩුව පියවා ගැනීමට සහ ආණ්ඩුවේ වංචා, දූෂණ මෙන්ම නොහැකියාව වසා ගැනීමට බවයි ඔහු පවසා සිටියේ.
ජාතික ජන බලවේගයට සහයෝගය දක්වමින් ස්ටිකර් ගසාගත් ත්‍රිරෝද රථ රියදුරන් වත්මන් ඉන්ධන මිල හමුවේ දැඩි ජීවන පීඩනයකට ලක්ව ඇති බැවින්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට ඔවුන්ට පූර්ණ අයිතියක් ඇති බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය.
පක්ෂයේ අනාගත සංවිධාන කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහින්ද, ගෝඨාභය, බැසිල් සහ චමල් යන රාජපක්ෂවරුන්ගේ මඟපෙන්වීම සහ ආශිර්වාදය යටතේ දේශපාලනය ඊළඟ පරම්පරාවට භාරදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි