News Category
From Date
To Date
Maximum Number of Result

පොලීසිය කිව්වේ බොරු කියලා දැන් තහවුරු වෙලා ඉවරයි.. - ‘සලේ නිරුවත් කලේ නෑ.. ගම්මන්පිල බොරු කියනවා’ කියා අපහාස කළාට වන්දි ඉල්ලා ගම්මන්පිල පොලිසියට එරෙහිව නඩු දමන්න යයි..

Jun 18, 2026 at 02:40 PM
|

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

"2026 ජූනි මාසේ 6 වෙනිදා අපි මාධ්‍ය හමුවක් පවත්වමින් සුරේෂ් සලේ මැතිතුමාට පොලීසිය විසින් කරනු ලබන වදහිංසා පිළිබඳ රටට හෙළිදරව්වක් කළා. අපි මාධ්‍ය හමුව පවත්වලා පැය කීපයක් ඇතුළත පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මම කියන්නේ බොරුයි කියලා රටට කිව්වා.හැබැයි, මේ වන විට අපි කිව්වේ ඇත්තයි, පොලීසිය කියන්නේ බොරුයි කියන එක හෙළිදරව් වෙලා හමාරයි.

ජූනි 6 වෙනිදා මාධ්‍ය හමුවේදී අපි නිශ්චිත කාරණා හතරක් මතු කරා. පළවෙනි කාරණය තමයි, 13 දෙනෙක් ඉදිරියේ සලේ මැතිතුමාව නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කළා කියන එක. දෙවැනි කාරණය, ඔහුව වාතාශ්‍රය නොමැති අඳුරු කුඩා කාමරයක, අඩි 6x4 කුඩා කාමරයක සිරගත කර ඉන්න බව. තුන්වෙනි කාරණය, ඔහුට නිසි ආහාර ලබා නොදෙන බව. හතරවන කාරණය, ඔහුව නිරුවත් කර පහර දුන් බව.

දැන් මේ කාරණාවලින්,පළවෙනි කාරණය වුණු 13 දෙනෙක් ඉදිරියේ නිරුවත් කර පරීක්ෂා කළා කියන කාරණය තමන් විසින් සිදු කළ බව පොලීසිය විසින් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගැනීමක් සිදු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක සිදුකළ දිනය මාර්තු මාසේ 8 වෙනිදා කියලත් ඒ අය සඳහන් කරලා තියෙනවා.

ඒ වගේම අපි දෙවැනියට සඳහන් කළ වාතාශ්‍රය නොමැති කුඩා කාමරයක, අඳුරු කාමරයක සිරකර සිටියා කියන කාරණය මානව හිමිකම් කොමිසම විසින් කරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය වාර්තාවේ, ඔහු අඳුරු කාමරයක දිගින් දිගටම සිටිය නිසා සිටීමේ ප්‍රතිඵලයක් වන, හිරු එළියට නිරාවරණය නොවීමේ ප්‍රතිඵලයක් වන විටමින් D ඌනතාවයට මුහුණ දී තිබෙනවාය කියන කාරණය වෛද්‍ය වාර්තාවෙනුත් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම, උසින් වැඩි සුරේෂ් සලේ මැතිතුමාව අඩි 6x4 කාමරයක සිර කර සිටි බවත් මානව හිමිකම් කොමිසම තමන්ගේ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු කරගෙන තිබෙනවා.

එහෙම බැලුවම, අපි සඳහන් කළ තුන්වෙනි කාරණය වන නිසි ආහාර ලබා නොදෙන බවට කළ චෝදනාව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වෙලා තිබෙනවා. මොකද ඒ අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා සුරේෂ් සලේට ප්‍රමාණවත් ප්‍රෝටීන් ලැබිලා නැහැ, එළවළු ලැබිලා නැහැ, පළතුරු ලැබිලා නැහැ කියන කාරණය.

එතකොට තවම සනාථ නොවුණේ, නිරුවත් කර පහර දුන්නා කියන කාරණය පමණයි. හැබැයි, මේ නිරුවත් කරලා පහර දුන්නා කියන කාරණය පිළිබඳ මතු කළ අවස්ථාවේදීම ඔහුගේ ශරීරය පරීක්ෂා කළා නම් සමහරවිට මේ කාරණය හෙළිදරව් වෙන්න තිබුණා. එහෙමත් නැතිනම් සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කළා නම් හෙළිදරව් වෙන්න තිබුණා.

මම කියන්නේ බොරුයි කියලා පොලීසිය කිව්වම මම පොලීසියට අභියෝග කළා, සුරේෂ් සලේ මැතිතුමා කියනවා තමන්ට හිරිහැර වදහිංසා කළේ සීසීටීවී කැමරා අටක් තියෙන ස්ථානයක කියලා. මේ කියන්නේ බොරු නම්, ඒ කැමරාවල දර්ශන ප්‍රසිද්ධ කරන්නයි කියලා අපි පොලීසියට අභියෝග කළා. හැබැයි මේ වන තෙක් ඒ අභියෝගය භාරගන්න පොලීසිය ඉදිරියට ආවේ නැහැ.

ඇත්තෙන්ම, පොලීසිය මේවා ප්‍රසිද්ධ නොකරන්නේ, සීසීටීවී දර්ශන ප්‍රසිද්ධ කළොත් කාකි සූට් ඇඳගත්ත මැරයන්ගේ ඇඳුම් ගැලවෙන බව, කාකි සූට් පිත්තල බොත්තම් ගැලවෙන බව ඒ අය හොඳටම දන්න නිසා.

ඇත්තෙන්ම දැන් සුරේෂ් සලේ මැතිතුමා කියනවානේ මට වදහිංසා කළේ කැමරා අටක් තිබෙන ස්ථානයක කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා, පොලීසිය වදහිංසා කරන්නේ කැමරා නැති තැනක. අපරාධකරුවෙක් වුණත් සීසීටීවී කැමරා මඟහරිමින් තමයි ඒ අපරාධය සිද්ධ කරන්නේ. ඇයි දැන් පොලීසිය කැමරා ඉදිරියේ වදහිංසා කළාම, අනාගතයේ යම් දවසක තමන්ට එරෙහිව මේක සාක්ෂියක් විදිහට භාවිත කළ හැකියි කියන කාරණය පොලීසියේ මහත්තුරු, විශේෂයෙන්ම පහරදීමට දිගුකාලීන පළපුරුද්දක් ඇති රහස් පොලීසියේ මහත්තුරු හොඳටම දන්නවා. එහෙමනම්, එවැනි අවදානමක් අරගෙන රහස් පොලීසියේ මහත්තුරු සීසීටීවී කැමරා අටක් ඉදිරියේ මේ වදහිංසා ලබාදීම සිදු කළේ ඇයිද කියන සාධාරණ ප්‍රශ්නය මතු වෙනවා.

අපි හිතන්නේ, මේක යටි අරමුණකින් කරපු වැඩක්. අපි හොඳටම දන්නවා, සුරේෂ් සලේ මැතිතුමා කියන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් කළ, ඒ වගේම මහාචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමාගේ වචන වලින් කියනවා නම් ලෝකයේ කලාතුරකින් බිහිවෙන දුර්ලභ ජාතික වීරයෙක්. ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කළ තීරණාත්මක දායකත්වය නිසා කොටි හිතවාදීන් ඔහු සමග ඉන්නේ දැඩි වෛරයකින්. ඒ නිසාම, අසාමාන්‍ය ලෙස සීසීටීවී කැමරා අටක් ඉදිරියේ ඔහුට වදහිංසා කළේ පොලීසිය, ඒ සීසීටීවී දර්ශන කොටි හිතවාදීන්ට අලෙවි කිරීමේ යටි අරමුණින්ය කියන සාධාරණ සැකය අපිට මතු වෙනවා. ඒ නිසා තමයි මෙවැනි අවදානමක් පොලීසිය අනිවාර්යයෙන්ම අරගෙන තිබෙන්නේ.

ඒ වගේමයි, ජනාධිපතිවරණයේදී බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය හිමිවුණේ මාලිමාවට. බොහෝවිට සල්ලි කුට්ටියකුත් හිමිවෙන්න ඇති අපිට නොකිව්වට. ඒ නිසා අපි මේ මාලිමා ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළා බෙදුම්වාදීන්ට ඔබ ලබාදුන් පොරොන්දු හෙළිදරව් කරන්න කියලා. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි ඔවුන්ට බලපෑම් කළත්, අද දක්වා බෙදුම්වාදීන් සහ ඔවුන් අතර ඇතිවෙච්ච රහස් එකඟතාවය හෙළිදරව් කරන්න මාලිමා ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා, සුරේෂ් සලේ මැතිතුමාට වෙනත් කිසිම රැඳවියකුට නොකරන ආකාරයේ බරපතළ වදහිංසා කරන්නේ, තමන්ට ඡන්දය දුන්නු, සල්ලි දුන්නු, කොටි හිතවාදීන්ට, බෙදුම්වාදී බලවේගයන්ට කළගුණ සලකන්නද කියන ප්‍රශ්නය අපි මාලිමාවෙන් අහනවා.

ඒ වගේම, බොහෝ වෙලාවට ඒක ඡන්ද පොරොන්දු ඉටුකිරීමක් වෙන්නත් පුළුවන්. සුරේෂ් සලේ මැතිතුමාට වදහිංසා කරනවාය කියන කාරණය අපි රටට හෙළිදරව් කළාම, පොලීසිය හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා, අපි කියන්නේ බොරුයි කියලා රටට කිව්වා. දැන් මේ වන විට, පොලීසිය කියන්නේ බොරුව, අපි කිව්වේ ඇත්තක්ය කියන කාරණය අධිකරණ වෛද්‍ය වාර්තා වලිනුත්, මානව හිමිකම් කොමිසමේ විමර්ශන වලිනුත් තහවුරු වෙලා හමාරයි.

ඒ නිසා, වහාම පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරලා, අපි ගැන බොරු ප්‍රචාරය කරමින් අපහාස කිරීම පිළිබඳ සමාව ගත යුතුයි. සතියක් ඇතුළත පොලීසිය සමාව ගැනීමට අපොහොසත් වුණොත්, රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු දාන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම, "අපි කියන්නේ බොරුයි" කියන එක ප්‍රධාන පුවතක් කරගත්ත මාධ්‍ය ආයතන වලටත්, සමාජ මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා, අද අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියන කාරණයට එදා පොලීසියේ බොරු ප්‍රචාරයට ලබාදුන්න ප්‍රචාරය හා සමාන අයුරින් ප්‍රචාරයක් ලබා නොදුන්නොත්, ඔබටත් එරෙහිව නඩු පැවරීමට සිදුවන බව ඉතාම කනගාටුවෙන් සිහිපත් කරනවා."

සම්බන්ධිත පුවත් | Related News

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.