News Category
From Date
To Date
Maximum Number of Result

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

Jun 17, 2026 at 05:12 PM
|

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

 බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (17) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.

 එහිදී අදහස් දැක්වූ ජයන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේ, මාස තුනකට අධික කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සහ මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශනය, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන අලුත් අදියරකට පැමිණ ඇති බවයි.

 “තුවාන් සුරේෂ් සලේ මහතා කියන්නේ යුද හමුදා බුද්ධි අංශයේ වගකිවයුතු නිලධාරියෙක්, එහි අධ්‍යක්ෂවරයා සහ පසුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කරමින් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මහා ක්‍රියාන්විතයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අභිවාදිත රණවිරුවෙක්. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් කොටින්ට මරු කැඳවමින් සිදුකළ ඒ ඓතිහාසික මෙහෙයුම්වල සියලු රහස් සහ තාක්ෂණික තොරතුරු අදටත් තිබෙන්නේ ඔහුගේ පරිගණකය තුළයි. දැන් මේ විමර්ශකයෝ බලහත්කාරයෙන් ඉල්ලා සිටින්නේ අන්න ඒ පරිගණකයේ මුරපදය (Password) යි” යනුවෙන් සමරවීර මහතා පැවසීය.

 "කැබිනට් ප්‍රකාශකගේ සැහැල්ලු ප්‍රකාශ සහ ශානිගේ භූමිකාව"

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙම බුද්ධි තොරතුරු රජයට ලබාදීම "නුවණක්කාරම වැඩේ" යැයි ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ කර ඇති බවත්, මෙම තොරතුරු ලබාදීමට සැරසෙන්නේ දෙමළ කොටි ඩයස්පෝරාවේ වුවමනාවට ලංකාවේ බුද්ධි අංශ වැනසීමේ කොන්ත්‍රාත්තුව භාරගත් "කුලීකාරයන්" පිරිසකට බවත් ඔහු චෝදනා කළේය.

"නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කාටද මේ පාස්වර්ඩ් එක දෙන්න කියන්නේ? ශානි අබේසේකරටයි. කවුද මේ ශානි අබේසේකර? ඔහු 2015 යහපාලන ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බුද්ධි අංශ දඩයම දියත් කරමින්, ගිරිතලේ හමුදා බුද්ධි නිවාසය වටලා එහි තිබූ රහස් ලිපිගොනු ලෝකයට හෙළිදරව් කරපු, රටේ බුද්ධි අංශය විනාශ කරපු කොන්ත්‍රාත්කරුවෙක්. ඔහුට මේ මුරපද දීම සහ කෙලින්ම කොටි ඩයස්පෝරාවට දීම අතර කිසිම වෙනසක් නැහැ. ශානිගේ ප්‍රධාන ගෝලයා වන නිශාන්ත සිල්වා කන්දප්පා අදටත් ඉන්නේ කොටි ඩයස්පෝරාව සමඟයි. මේ හරහා සිදුවන්නේ 2001 වසරේ සිදු වූ 'මිලේනියම් සිටි' පාවාදීමටත් වඩා දරුණු විනාශයක්. එදා බුද්ධි තොරතුරු පිටවීම නිසා කනල් මුතාලිෆ් ඇතුළු දෙමළ, මුස්ලිම් බුද්ධි තොරතුරුකරුවන් 80කට අධික පිරිසක් කොටින් අතින් ඝාතනය වුණා. මේ සූදානම් වෙන්නේ ඊටත් වඩා භයානක පාවාදීමකටයි."

 “පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේ සම්බන්ධ බව කියන්නේ නවකතාවක්”

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහා මොළකරු සුරේෂ් සලේ බවට සමාජගත කිරීමට උත්සාහ කරන්නේ කිසිදු පදනමක් නැති දේශපාලන නවකතාවක් බව ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය. ඇමරිකානු FBI ආයතනය විසින් ලංකාවේ මාස තුනක් තිස්සේ සිදුකර ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වූ විමර්ශනයේදීවත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලදීවත්, ජනාධිපති කොමිෂන් සභාවලදීවත් සුරේෂ් සලේගේ නම අංශුමාත්‍රයකින් හෝ ගෑවී නොතිබූ බව ඔහු සිහිපත් කළේය.

 "මේ කතාවේ පළමු පරිච්ඡේදය 2021 දී ලියන්නේ සිරිල් ගාමිණී පියතුමායි. එහි දෙවැනි පරිච්ඡේදය 2023 දී චැනල් 4 නාලිකාව හරහා ලියන්නේ ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරෙන්තු ලැබ ප්‍රංශයේ සැඟව සිටින අසාත් මව්ලානා නැමැති එල්.ටී.ටී.ඊ. හිතවතායි. 2019 සිට 2021 වෙනකන් කිසිම තැනක නැති සලේගේ නම ඈඳුවේ මාලිමාව බලයට පත්කිරීමට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර දුන් දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ මනදොළ සපුරන්නයි. මේක නෛතික විමර්ශනයක් නෙවෙයි, මාලිමා ආණ්ඩුව බෙදුම්වාදීන්ට වුණු පොරොන්දු ඉටුකරන දේශපාලන ව්‍යාපෘතියක් පමණයි."

 “මානව හිමිකම් කොමිසමෙන් CIDයට බෝම්බයක්”

රජය සහ කැබිනට් ප්‍රකාශකවරයා සුරේෂ් සලේ මහතා සාමාන්‍ය සැකකරුවෙකු ලෙස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සහ සුවපහසුවෙන් පසුවන බවට ප්‍රකාශ කළද, මානව හිමිකම් කොමිසමේ විමර්ශන මඟින් රජයේ බේගල් මුළුමනින්ම හෙළිදරව් වී ඇති බව සමරසිංහ මහතා පැවසීය.

"සුරේෂ් සලේ මහතාගේ බිරිඳ කළ පැමිණිල්ලකට අනුව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු CID හතරවැනි තට්ටුවේ ඔහු රඳවා සිටි අඩි හයහමාරයි හතරේ කුටිය පරීක්ෂා කළා. ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා, එම කුටිය කිසිසේත්ම මිනිස් වාසයකට සුදුසු නැති, වාතාශ්‍රය පවා නොමැති ඉතා අමානුෂික ස්ථානයක් කියලා. ඔහුට සිදුකළ දරාගත නොහැකි කායික හා මානසික වදහිංසා පිළිබඳව CID නිලධාරීන්ගෙන් සහ යාබද සිරකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් කොමිසම තීරණය කර තිබෙනවා. මේ තරම් වද දෙමින් මුරපද ඉල්ලන්නේ කොටින්ට මරු කැඳවූ බුද්ධි ක්‍රියාන්විතවල තාක්ෂණය සහ රහස් සොයාගෙන ඩයස්පෝරාවට පටවන්නයි."

 “මුරපද දෙනවා නම් දිය යුත්තේ හමුදාපතිට හෝ ජනාධිපතිට පමණයි”

ජාතික නිදහස් පෙරමුණ ලෙස මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වීරත්වයට සහ ධෛර්යයට ප්‍රණාමය පුදකරන බව පැවසූ ජයන්ත සමරසිංහ මහතා, හමුදා සදාචාරය සහ යුද නීතිය අනුව මෙම බුද්ධි තොරතුරු රකින්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය.

 "ඕනෑම හමුදා නිලධාරියෙක් විශ්‍රාම ගියත් තමන් සතු බුද්ධි තොරතුරු රැකීමට බැඳී සිටිනවා. සුරේෂ් සලේ මහතා මේ මුරපද ලබාදිය යුත්තේ ශානි අබේසේකරලා වැනි දේශපාලන කුලීකරුවන්ට නොවෙයි. ඔහු ඒවා භාරදෙන්නේ නම්, වගකීම් සහගතව භාරදිය යුත්තේ වත්මන් යුද හමුදාපතිවරයාට හෝ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට පමණයි. එසේ නොමැතිව ඩයස්පෝරාවේ උවමනාවට ක්‍රියා කරන දේශපාලනකරණය වූ නිලධාරීන්ට මේවා ලබා නොදී, ජීවිතය ගියත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේවා සුරක්ෂිතව රකින්නැයි අපි යෝජනා කරනවා" යැයි පවසමින් ජයන්ත සමරසිංහ මහතා සිය අදහස් දැක්වීම අවසන් කළේය.

ජයන්ත සමරවීර මහතා කළ සම්පූර්ණ දේශනය මෙසේය.

"ආයුබෝවන්, සුභ උදෑසනක් මාධ්‍යවේදී සහෝදරවරුනි. අද ඔබ මාර්ගයෙන් අපි රටේ ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ වැදගත් කරුණක් පිළිබඳවයි.

 අපි කවුරුත් දන්නවා දැන් රැඳවුම් නියෝග මත මාස තුනකට වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවේ සිටින, මේ වන විට ජාතික රෝහලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ පසුවන රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා පිළිබඳව. ඔහුගේ මෙම අත්අඩංගුවේ තබාගෙන කරනු ලබන විමර්ශනය මේ වන විට අලුත් අදියරකට පැමිණ තිබෙනවා.

 ඒ පිළිබඳව දැන් සමාජයේ සාකච්ඡා වෙමින් පවතිනවා. ඔහු එක පැත්තකින්, එක්තරා කාලයක යුද හමුදා බුද්ධි අංශයේ වගකිවයුතු නිලධාරියෙක් ලෙස කටයුතු කළා. තවත් කාලෙක යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කළා. ඊට පසුව රාජ්‍ය බුද්ධි ප්‍රධානී හැටියට කටයුතු කළා. ඔහු දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමේ මහා ක්‍රියාන්විතයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරපු බුද්ධි නිලධාරියෙක් බව කවුරුත් පිළිගන්නා අවිවාදිත ඇත්තක්.

 මෙම ක්‍රියාන්විතය තමයි එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට නැත්නම් කොටි සංවිධානයට මරු කැඳවූයේ කියන පිළිගැනීම එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළත් තිබුණා. ඊට හිතවත් දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව තුළත්, ඒ පිළිබඳව අධ්‍යයනය කරන ලද යුද විශේෂඥයන් තුළත් කාත් කවුරුත් පිළිගන්නා කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ එල්.ටී.ටී.ඊ. යට මරු කැඳවමින් එය පරාජයට පත්කිරීමේ සුවිශේෂී කාර්යභාරය ඉටුකළා කියන වග.

 බුද්ධි අංශ රහස් සහ පරිගණක මුරපද (Password) පිළිබඳ ගැටලුව

 නිසා දැන් මෙම විමර්ශකයෝ, ඒ කියන්නේ ශානි අබේසේකරලා, සුරේෂ් සලේ මහතා සතුව තිබෙන ඒ බුද්ධි ක්‍රියාන්විතවල රහස් තොරතුරු ඇතුළත්, මෙතෙක් අදාළ පාර්ශවයන්ට විතරක් දැනගන්න සලස්වපු තොරතුරු තිබෙන පරිගණකයේ මුරපදය නැත්නම් 'පාස්වර්ඩ්' (Password) එක ඉල්ලා සිටිනවා.

 කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසුවාට පස්සේ, ඔහු ඉතාම සැහැල්ලුවෙන් කියනවා, 'මේ බුද්ධි තොරතුරු අයිති රජයට; ඒ බුද්ධි තොරතුරු රජයට ලබාදෙන එක තමයි වඩාත්ම නුවණක්කාරම වැඩේ, නැත්නම් හොඳම වැඩේ' කියලා. ඔහු ඉතාම සැහැල්ලුවෙන් එහෙම කියනවා. මේ බුද්ධි තොරතුරු, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට අනුව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව මේ දෙන්න කියන්නේ කාටද? ශානි අබේසේකරට.

 ශානි අබේසේකර කියන්නේ කවුද? ශානි අබේසේකර කියන්නේ අන් කිසිවෙක් නොවෙයි, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වැනසීමේ කොන්ත්‍රාත්තුව දෙමළ කොටි ඩයස්පෝරාවෙන් පවරාගත්තු කුලී හේවායෙක්, නැත්නම් කුලීකාරයෙක්, නැත්නම් කොන්ත්‍රාත්කරුවෙක්.

 කොහොමද අපි එහෙම කියන්නේ? ඔව්, ඔහු මේ කාර්යයට අතගසන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වැනසීමේ අරමුණින් 2015 වසරේ විතර ඉඳලා. එදා ඒකට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. 2015 දී එක්නැලිගොඩ ඝාතනය කියලා, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කියලා, කීත් නොයාර්ට, උපාලි තෙන්නකෝන්ට, පොද්දල ජයන්තට පහර දුන්නා කියලා, මෙන්න මේ ඝාතන සහ පහරදීම් පිළිබඳ වගකීම බුද්ධි අංශවලට පවරා බුද්ධි නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා.

 එමඟින් සුවිශේෂී බුද්ධි ක්‍රියාන්විතයක් සිදුකරන ලද ගිරිතලේ හමුදා බුද්ධි නිවාසය හෙළිදරව් කරලා, ඒකට කඩාවැදිලා, එහි තිබුණු රහස් ලිපිගොනු විශාල ප්‍රමාණයක් එළියට අරගෙන, ඒ තොරතුරු ලෝකයට හෙළිදරව් කිරීමේ කාර්යයට නායකත්වය දුන්නේ අන් කිසිවෙක් නොවෙයි, ශානි අබේසේකරයි.

 එතකොට දැන් මේ මාලිමා ආණ්ඩුව කියන්නේ, සුරේෂ් සලේ මහතා සතු බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා කරන ලද ක්‍රියාන්විතවල, ඉන්පසු නැඟෙනහිර පළාතේ සිදුවුණු නැවත දෙමළ බෙදුම්වාදී නැඟී සිටීම්වලට අදාළ බුද්ධි ක්‍රියාන්විතවල සහ ඉස්ලාමීය අන්තවාදී ව්‍යාපෘතියට අදාළ බුද්ධි තොරතුරු මෙන්ම ඒ ක්‍රියාන්විතවලට අදාළ තොරතුරු සහිත ඔහුගේ පරිගණකයේ මුරපදය නැත්නම් පාස්වර්ඩ් එක, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වැනසීමේ කොන්ත්‍රාත්තුව පවරාගත්තු ශානි අබේසේකරට ලබාදෙන්න කියලා තමයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඉතාම සැහැල්ලුවෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ කියන්නේ.

 අපි කියන්නේ ශානි අබේසේකරට පාස්වර්ඩ් එක දෙනවාට වඩා හොඳයි, කෙලින්ම කොටි ඩයස්පෝරාව අතට දෙන එක. දැනුත් ශානි අබේසේකරත් එක්ක ගිරිතලේ හමුදා නිවාසය වනසන්න දායක වෙච්ච, අර කියපු එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පොද්දල ජයන්ත වැනි අයට පහර දුන්නා නැත්නම් ඝාතනය කළා කියන වගකීම් බුද්ධි අංශ මත පටවපු ශානි අබේසේකරගේ ප්‍රධාන ගෝලයා වන නිශාන්ත සිල්වා කන්දප්පා දැනුත් ඉන්නේ කොටි ඩයස්පෝරාවත් එක්ක.

 ඒගොල්ලෝ කළේ මොකක්ද? ඒගොල්ලෝ කළේ මේ බුද්ධි අංශ වැනසීමේ කොන්ත්‍රාත්තුව සියතට ගත්තු එක. ඉතින් ඒ කොන්ත්‍රාත්තුව ගත්තු කුලීකාරයින්ට තමයි මේ මහා බුද්ධි ක්‍රියාන්විතවල, කොටින්ට මරු කැඳවූ බුද්ධි ක්‍රියාන්විතවල තොරතුරු ඇතුළත් පරිගණකවල මුරපද නැත්නම් පාස්වර්ඩ් දෙන්න කියලා කියන්නේ.

 පාස්කු ප්‍රහාර විමර්ශන සහ සුරේෂ් සලේ සම්බන්ධ කිරීම

දැන් බලන්න, මේ ශානි අබේසේකර මේ වදබන්ධනයට ලක්කරමින්, නින්දා සහගත අවමන් කරමින් මේ කරන්නේ කාගේවත් වෙන කාටවත් ඕනෑ කාර්යයක් නොවෙයි. මේ කරන්නේ කොටි ඩයස්පෝරාවට උවමනා වැඩක්.

 කොහොමද අපි එහෙම කියන්නේ? දැන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්, ඒ තුච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකාවේත්, ඒ වගේම දේශීය සහ විදේශීය වශයෙන් විමර්ශන කීයක් සිදු වුණාද? ඒ විමර්ශන අතර ඉතා ප්‍රධානතම විමර්ශනයක්, ඉතාම පුළුල්ව, ඉතාම තියුණුව, ඉතාම සියුම්ව කරපු විමර්ශනයක් තමයි FBI (Federal Bureau of Investigation) විමර්ශනය. ඇමරිකානු ජාතිකයන් පස් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම නිසා, ඇමරිකානු FBI ආයතනය, රාජ් පටෙල් කියන බුද්ධි නිලධාරියාගේ, විමර්ශකයාගේ නායකත්වයෙන් ඉතාම පුළුල්, තියුණු සහ සියුම් විමර්ශනයක් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේ කළා.

 ඒ විමර්ශනයට අනුව දැනුත් ඇමරිකානු අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඒ තිදෙනාම ලංකාවේ මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ විමර්ශනයට ජාත්‍යන්තර සම්මානයකුත් ලැබුණා. “Director's Award for Most Outstanding International Investigation” කියන සම්මානය.

 මේ සම්මානනීය විමර්ශනයේදී වගේම ලංකාවේ සිදුවෙච්ච, ඉතාම වගකිවයුතු විනිසුරුවරුන්ගේ නායකත්වයෙන් සිදුවෙච්ච විමර්ශනවලදීත්, පාර්ලිමේන්තුවේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවා නියෝජනය කරමින් තිබුණු තේරීම් කාරක සභාවට අදාළ විමර්ශනවලදීත්, මලිත් ජයතිලක මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ තිබුණු ආංශික අධීක්ෂණ කාරක සභාවේ මේ පිළිබඳව සොයා බැලීම්වලදීත් සුරේෂ් සලේගේ නමක් මේ පිළිබඳව අංශුමාත්‍රයකින්, උකුණු හිසකින් තරම්වත් ගෑවී තිබුණේ නැහැ.

 මේක ගෑවෙන්න පටන් ගන්නේ කොහොමද? මේ පාස්කු ඉරිදා සිදු වූ තුච්ඡ, අමානුෂික ප්‍රහාරයේ මහා මොළකරු හැටියට FBI එකේ නැති, ලංකාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නැති, සෙසු ජනාධිපති කොමිෂන් සභාවල නැති, සෙසු විමර්ශනවල නැති සුරේෂ් සලේ මහා මොළකරු කියලා ඈඳෙන්න නැත්නම් පටබැඳෙන්න පටන් ගන්නේ කොහොමද?

 ඒ 2021 දී පවත්වපු 'වෙබිනාර්' (Webinar) සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා තමයි ප්‍රථම වතාවට පාස්කු ප්‍රහාරයේ වගකීම නැත්නම් මහා මොළකරු බවට සුරේෂ් සලේ මහතාව නම් කරමින් පටබඳින්නේ. එතනින් පස්සේ තමයි ඒ කතන්දරය ලියන්න පටන් ගන්නේ. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ කියන කතාවේ පළවෙනි කතුවරයා තමයි සිරිල් ගාමිණී පියතුමා.

 සිරිල් ගාමිණී පියතුමා ඒක ලියලා, ඊට පස්සේ අවුරුදු දෙකක් ගියා තව පරිච්ඡේදයක් ඒකේ ලියන්න. ඒ පරිච්ඡේදය ලියන්නේ කවුද? සිරිල් ගාමිණී පියතුමා මේක ලියන්න පටන් ගන්නේ 2021 ඔක්තෝබර් මාසයේදී. දෙවැනි පරිච්ඡේදය ලියන්නේ, ස්ත්‍රී දූෂණ චෝදනාවකට වග උත්තරකරුවකුව විවෘත වරෙන්තු පිට ඉන්න, එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් හැටියට හිටපු, අද දේශපාලන රැකවරණ පිට ප්‍රංශයේ ඉන්න අසාත් මව්ලානා නැමති වගකීමක් නැති වරෙන්තුකරුවායි. ඔහු තමයි දෙවැනි පරිච්ඡේදය ලියමින් 'චැනල් 4' (Channel 4) නාලිකාවට කියන්නේ මෙහි මහා මොළකරු සුරේෂ් සලේ බව කියලා.

 දැන් හරි පැහැදිලියි. 2019 ඉඳන් 2021 වෙනකන් සුරේෂ් සලේලා මේවට ගෑවුණා කියලා කවුරුත් කිව්වේ නැහැ. FBI එක කිව්වෙත් නැහැ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කිව්වෙත් නැහැ, ඊට පස්සේ ඇතිවෙච්ච ජනාධිපති කොමිෂන් සභාවලින් කිව්වෙත් නැහැ, වෙන කොමිෂන්වලින් කිව්වෙත් නැහැ, මලිත් ජයතිලක මහතාගේ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් කිව්වෙත් නැහැ. කවුරුත් කිව්වේ නැහැ.

 මෙන්න එකපාරටම සිරිල් ගාමිණී පියතුමා කියනවා මේකට වගකියන්න ඕනේ සුරේෂ් සලේ කියලා. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ, එල්.ටී.ටී.ඊ. එකේ හිටපු සාමාජිකයෙක් වෙච්ච අසාත් මව්ලානා කියනවා. දැන් එතැන් සිට තමයි මේ නවකතාව සුරේෂ් සලේලා, බුද්ධි අංශ පිටිපස්සේ හඹාගෙන යමින්, අද වෙනකොට මුරපද ඉල්ලන, ඒ ත්‍රස්තවාදය පැරදවීමට අදාළ මහා බුද්ධි ක්‍රියාන්විතවල තොරතුරු ඇතුළත් සුරේෂ් සලේ මහතා පරිහරණය කළ පරිගණකයේ නැත්නම් ලැප්ටොප් (Laptop) එකේ මුරපදය, පාස්වර්ඩ් එක ඉල්ලන තැනට පැමිණ තිබෙන්නේ.

 මිලේනියම් සිටි පාවාදීමට වඩා භයානක තත්ත්වයක්

මේ පාස්වර්ඩ් එක ශානි අබේසේකරට දුන්නොත්, ඉතින් නරියාට කුකුළා බාර දුන්නා වගේ තමයි. ඒක දෙවැනි 'මිලේනියම් සිටි' (Millennium City) පාවාදීම වගේ එකක් වෙයි. අපි දන්නවා 2001 දී මිලේනියම් සිටි පාවාදීම කළාට පස්සේ, බුද්ධි අංශ තොරතුරු සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. අතට පත්වුණාට පස්සේ, තුවාන් මුතාලිෆ්ලා මැරුණු හැටි අපිට මතකයි. ඊට පස්සේ බුද්ධි ක්‍රියාන්විතවල සිටි දෙමළ සහ මුස්ලිම් තොරතුරුකරුවන් ගණනාවක්, නිල වශයෙන් වාර්තා වී තිබෙන 80 ගණනක් සහ තව කොපමණ ප්‍රමාණයක්ද දන්නේ නැහැ, එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කළා අපිට මතකයි.

 ඒ දෙවැනි මිලේනියම් සිටි පාවාදීමට වඩා බොහෝ සෙයින්, රාජ්‍යයේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට, දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට අදාළ තොරතුරු බොහෝ සෙයින් දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව අතට පත්වෙන, පත්කරන මෙහෙයුමකට තමයි මේ සුරේෂ් සලේ මහතාට දිගින් දිගටම අවමන් සහගත සැලකිලි දක්වමින්, දරාගත නොහැකි කායික වේදනා දෙමින් මේ මුරපදය නැත්නම් පාස්වර්ඩ් එක ඉල්ලන්නේ.

 දැන් හරියටම පැහැදිලි වුණානේ. මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු, සුරේෂ් සලේ රඳවා තබා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩි හයහමාරයි හතරේ කාමරයට ගිහින් කියනවා, 'ඒක මිනිස් වාසයකට කිසිසේත්ම සුදුසු නැති තත්ත්වයක් තමයි තියෙන්නේ, සුදුසු නැති තත්ත්වයක් තමයි තියෙන්නේ' කියලා. හරියට වාතාශ්‍රයවත් එන්නේ නැහැ. ඒක මූලික වශයෙන් මිනිසෙකු රඳවා තබන්න නුසුදුසු තත්ත්වයක් තමයි ඒ කුටියේ තියෙන්නේ කියලා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු ප්‍රකාශ කරනවා.

 ඔවුන්ට වදදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙනුත්, ඒ වගේම ඔහු සිටින රැඳවුම් කුටිවලට යාබද සිරකුටිවල සිටින සිරකරුවන්ගෙනුත් ප්‍රශ්න කිරීමට නියමිත බවත් කියනවා. අපි නොවෙයි කියන්නේ, දැන් කියන්නේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුයි. මිනිසෙකු රඳවා තැබීමට කිසිසේත්ම නුසුදුසු කුටියක තමයි සුරේෂ් සලේ රඳවලා තිබ්බේ කියලා.

 ඉතින් මේ විදියට දරාගත නොහැකි අවමන් සහගත සැලකිලි, නින්දා සහගත සැලකිලි, දරාගත නොහැකි කායික වදවේදනාවන්ට පත්කරමින් මේ මුරපදය මෙච්චර ඉල්ලන්නේ මොකටද? ඒ වෙන මොකටවත් නොවෙයි; කොටි පිනවන්න. දැන් ඕනෑ කරන්නේ කොහොමද කොටි පැරැද්දුවේ, ඒ පරද්දන්න කරපු බුද්ධි අංශ මෙහෙයුම් මොනවාද, ඒ තීරණාත්මක බුද්ධි ක්‍රියාන්විත මොනවාද, ඒවට අදාළ තාක්ෂණය කොහොමද, ඒ මෙහෙයුම්වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා සොයා බලන්නයි. ඒක සොයාගෙන ඩයස්පෝරාව අතට පත්කිරීමටයි මේ මුරපද ඉල්ලන්නේ.

 රණවිරු උපහාරය සහ නිවැරදි බුද්ධි පරිපාටිය

ඒ නිසා මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ඒ දේශප්‍රේමී යුද වීරයාට, රණශූරයාට, රණවිරුවාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. වදවේදනා මැද, අවමන් සහගත සැලකිලි මැද, මරණයත් එක්ක පොරබදමින් මේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමේ ඒ මහා බුද්ධි මෙහෙයුම්වලට අදාළ තොරතුරු තමන්ගේ පණ මෙන් රැකගෙන, මරණයත් සමඟ පොරබදමින් ඉන්න මේ සුරේෂ් සලේ මහතාට ජාතික ආරක්ෂාව පතන, දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය නැතිභංග කිරීමේ, වැනසීමේ, පරාජයට පත්කිරීමේ ඒ ජයග්‍රහණයෙන් ඔදවැඩුණු මේ රටේ ජනතාවගේ, ඒකට පක්ෂපාතී ජනතාවගේ ගෞරවය සහ ආචාරය හිමිවිය යුතුයි. ඔහුට මේවා තවදුරටත් රැකගෙන සිටීම සඳහා ධෛර්යය, අධිෂ්ඨානය, වීර්යය සහ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරන්න ඕනේ.

 ඒ වගේම සුරේෂ් සලේ මේවා දෙනවා නම් දෙන්න ඕනේ කාටද? වෙන කාටවත් නොවෙයි, ශානිට නොවෙයි. නරියාට කුකුළන් බාර දීලා හරියන්නේ නැහැ. ශානිට මේක දුන්න හැටියේ අනිත් පැත්තෙන් නිශාන්ත සිල්වා කන්දප්පාට දෙයි; කන්දප්පා මේක දෙමළ ඩයස්පෝරාවට දෙයි. ඒ අයට ඒ අය ඒ වගේ වගකීම ඉටුකරා කියන, ඒ කොන්ත්‍රාත් අවසන් කරපු කාර්යයට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ලැබෙයි.

 එහෙමනම්, සුරේෂ් සලේ වගකීම් සහගත බුද්ධි නිලධාරියෙක් හැටියට, ජීවිතයත් මරණයත් අතර පොරබදමින් ත්‍රස්තවාදය පරාජයට පත්කිරීම සඳහා ඉතාම තියුණු, සියුම් මෙහෙයුම් කරපු දේශප්‍රේමී බුද්ධි නිලධාරියෙක් හැටියට මේක දෙනවා නම් දෙන්න ඕනේ, වගේම මේවා වගකීම් සහගතව ගන්නවා නම් ගන්න ඕනේ අන් කවුරුවත් නොවෙයි — ඒ තමයි වර්තමාන යුද හමුදාපතිවරයා.

 මොකද සුරේෂ් සලේ මහතා නොවෙයි, ඕනෑම හමුදා නිලධාරියෙක්, සොල්දාදුවෙක් බැඳී ඉන්නවා තමන් විශ්‍රාම ගියත් තමන් රාජකාරියේ සිටින කාලයේ කරපු දේ සම්බන්ධයෙන් වගකියන්න. ඒ අනුව සුරේෂ් සලේටත් වගකීමක් තියෙනවා මේ බුද්ධි තොරතුරුවලට, ඒවා රැකීම පිළිබඳ වගකීමක් තියෙනවා. ඒවා අත්සන් කරනවා නම්, භාර දෙනවා නම් කළ යුත්තේ වෙන කිසිවෙකුටවත් නොවෙයි — එකක් තමයි යුද හමුදාපතිවරයාට, ඔහුට මේ භාරදිය හැකියි මේ පාස්වර්ඩ් එක නැත්නම් මුරපදය. අනිත් එක ඔහුට මේවා භාරදිය හැක්කේ සේනාධිනායකයාට නැත්නම් ජනාධිපතිවරයාටයි.

 

ඒ හැරෙන්න, යුද හමුදාපතිවරයාගේ නියෝගයකින් යුද හමුදාපතිවරයාට හරි, ජනාධිපතිවරයා සේනාධිනායකයා හැටියට නියෝගයකින් ජනාධිපතිවරයාට හරි හැර, මේ ශානිලාට, මේ කුලීකාරයන්ට, මේ කොන්ත්‍රාත්කාරයන්ට, දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්කරුවන්ට මේ මුරපද ලබාදිය යුතු නැහැ. ඒවා රකින්න ඕනේ.

 මාලිමා රජයේ දේශපාලන ව්‍යාපෘතිය පිළිබඳ විවේචනය

ඒ නිසා අපි කියනවා, එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා යහපාලනයේ අටවලා ශානි අබේසේකරලා ලවා බුද්ධි අංශ වනසලා, බුද්ධි අංශවල සියලු තොරතුරු ත්‍රස්තවාදීන් අතරත් ඩයස්පෝරාව අතරත් පත්කළා වගේ, ගිරිල්ලේ කෑම්ප් එක (හමුදා නිවාසය) වනසලා එහි තිබ්බ රහසිගත තොරතුරු සියල්ල ත්‍රස්තවාදය, කොටි ඩයස්පෝරාව අතර පත්කළා වගේ, මේ අන්තිම භයානකම කාර්යයට තමයි මේ මාලිමා ආණ්ඩුව, අනුර දිසානායක මහත්මලා මේ ශානි අබේසේකර නැමති කුලීකාරයාව පත්කරලා, කුලීකාරයට මේවා පවරලා මේ සුරේෂ් සලේ මහතාට වද දෙමින් මේ ගේම ගහන්න හදන්නේ.

 ඒ නිසා මේ පිළිකුල් සහගත, මේ තුච්ඡ ක්‍රියාවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් තව තවත් විඳවීමකට ලක්කරනවා. ඔවුන් තවදුරටත් ඒ පාස්කු ප්‍රහාරයෙන් මියගිය ඒ සහෝදර ජනයා නැවත නැවතත් මරා දමනවා, ඒ ආබාධිතභාවයට පත්වුණු ජනතාව නැවත නැවතත් වේදනාවට පත්කරනවා. ඔවුන් නැවත නැවතත් ඔවුන්ට අයුක්තිය, අසාධාරණය ගෙනෙන්නේ.

 මේ රටේ දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමට දායක වුණු ඒ මහා ක්‍රියාන්විතවල තොරතුරු කොටි ඩයස්පෝරාව අතරට පත්කිරීම සඳහා ගෙනයන මේ වෑයම, අපි ඉතාම පිළිකුල් සහගත ලෙස දකිනවා. අපි නැවත නැවතත් සුරේෂ් සලේ මහතාට, මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ලොව ප්‍රකට විශේෂඥ බුද්ධි නිලධාරියාට ධෛර්යය පතනවා, ජාතික නිදහස් පෙරමුණ හැටියට වීර්යය පතනවා, අධිෂ්ඨානය පතනවා, නිරෝගීභාවය පතනවා.

ඔබ වැනි ඔබේ සහෝදර බුද්ධි නිලධාරීන් කැපවීමෙන්, මහා පරිත්‍යාගශීලීව ජීවිත පරදුවට තබලා, ජීවිත දීලා පරාජය කරපු ත්‍රස්තවාදය පරාජය කිරීමේ ඒ ක්‍රියාන්විතවලට අදාළ බලවත්, තියුණු, සියුම් බුද්ධි තොරතුරු නිකන් ශානි අබේසේකරලා වැනි කුලීකාරයන්ට නම් ලැබෙන්න ඉඩ සලස්වන්න එපා. ලබාදෙනවා නම් ලබාදෙන්න ඔබට අයිති යුද සදාචාරය, යුද නීතිය අනුව ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට, එසේ නැත්නම් හමුදාපතිවරයාට ආදී ඒ වගකීමක් සහිතව ඒ තොරතුරු භාරකරන්න. එහෙම නැත්නම් ජීවිතය ගියත් මේවා සුරක්ෂිතව රකින්න කියන යෝජනාව අපි කරනවා. බොහොම ස්තුතියි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න සහ ඒවාට දුන් පිළිතුරු

 ප්‍රශ්නය: ඔබතුමා කියපු විදිහටම දැන් පාස්කු විමර්ශන මෙහෙම ශානි අබේසේකරලා ඉස්සරත් පාස්කු විමර්ශනවලට අදාළව අතුරුදන්... උසාවියේ අතුරුතහනම් නියෝගයක් තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ඒ අය තමයි කරන්නේ. මේක පොඩ්ඩක්...

 පිළිතුර: හරි පැහැදිලියි. අධිකරණයේ තිබෙන කාර්යයක් පිළිබඳව, ගරු අධිකරණයේ තිබෙන කාර්යයක් පිළිබඳව මට කරුණු දක්වන්න බැහැ. නමුත් ශානි අබේසේකරගේ ඉතිහාසය කියන්නේ අපකීර්තිමත් ඉතිහාසයක්. ඔහු මේ කොන්ත්‍රාත්තුව පවරාගත්තු කෙනෙක්. ත්‍රස්තවාදයට උවමනා ආකාරයට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ వැනසීමේ කොන්ත්‍රාත්තුව පවරාගත්තු කෙනෙක්. ඒක තමයි මම කලින් කිව්වේ. ගිරිතලේ හමුදා නිවාසය වනසලා එහි තිබුණු තොරතුරු කොටි ත්‍රස්තවාදී ඩයස්පෝරාව අතරට පත්කිරීමේ මෙහෙයුම දියත් කළේ ශානි අබේසේකරයි. බුද්ධි නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා, ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කළා, ඔවුන්ගේ ජීවිත තොරතුරු හෙළිදරව් කළා.

 මේ ප්‍රකට අපකීර්තිමත් කාර්යයට නායකත්වය දුන්නේ 2015-16 සමයේ යහපාලන ආණ්ඩුව සමයේ ශානි අබේසේකරයි. ඊට පස්සේ මොකද වුණේ? ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය එනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔය දැන් ඉන්න පුටුවේමයි හිටියේ. ශානිට වඩා උඩ පුටුවේ හිටියේ දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න. එතකොට ඉන්දියානු බුද්ධි අංශ අප්‍රේල් 13 ඉඳන් 20 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා “මෙවැනි ප්‍රහාරයක් සිදුවේවි” කියන පූර්ව දැනුම්දීම් දිගින් දිගටම සිදුකරනවා.

 එහිදී ඇහැක් කනක් ඇරලා නොබලපු ශානිලා, රවිලා ඊට අදාළ පිළියම් හරියට ගත්තා නම්, ඔය පල්ලි ටික ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන ගත්තා නම්, ඔය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අහිංසකයෝ, පාස්කු ඉරිදා ඒ සැමරුමට ගිය අහිංසක අපේ සහෝදර කතෝලික නෑදෑයෝ නැතිවෙන්නේ නැහැ, ජීවිතක්ෂයට පත්වෙන්නේ නැහැ, ආබාධිත වෙන්නේ නැහැ. ඔවුන් වදවේදනාවට පත්වෙන්නේ නැහැ, ඔවුන්ගේ නෑදෑයෝ වදවේදනාවට පත්වෙන්නේ නැහැ, ඔවුන් අපිට අහිමි වෙන්නේ නැහැ. මිනිස්සු 300ක් විතර මියයෑමේ ඒ මූලික වගකීම පැහැර හැරපු අය අතර ප්‍රමුඛතම දෙන්නෙක් තමයි ශානි සමඟ රවි සෙනෙවිරත්න මහතා.

 දැන් ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ මේ අය අධිකරණයෙනුත් අතුරුතහනම් නියෝගයකුත් අරගන්න ඇති. මොවුන් පසුගිය කාලයේ මාලිමාවේ දේශපාලන වේදිකාවේ හිටියා. 'විශ්‍රාමික පොලිස් සාමූහිකය' හැදීමේ පුරෝගාමීන් තමයි ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න. ඒ පිළිබඳව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු දිවුරුම් ප්‍රකාශයකින් ඔවුන්ම පිළිගන්නවා, ඔවුන් මාලිමාවේ දේශපාලන ව්‍යාපාරයේ, ප්‍රචාරක ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් හැටියට නියැලුණා, පොලිස් සාමූහිකය නිර්මාණය කිරීමේ පුරෝගාමීන් බවට පත්වුණා කියලා.

 දැන් මොකද කරන්නේ? ඒකෙන් පස්සේ මේ දේශපාලනඥයෝ දෙන්නා —දැන් නිකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියාත්, පොලීසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාත් නොවෙයි, දැන් ඔවුන් දේශපාලනඥයෝ බවට පත්වෙලා — මේ දේශපාලනඥයෝ දෙන්නාට බාරදෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයයි. ඊට පස්සේ ඒ දේශපාලනඥයෝ දෙන්නා පාවිච්චි කරලා, තමන් හදාගත්තු පූර්ව සැලසුමකට අදාළව, 2021 සිරිල් ගාමිණී පියතුමා ලියන්න පටන් ගත්තු කතන්දරය, ඊට අදාළව 2023 දී අසාත් මව්ලානා ඒ කතන්දරේ දෙවැනි පරිච්ඡේදය ලියපු, දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවට උවමනා බුද්ධි අංශ වැනසීමේ කතන්දරය ඉදිරියට ගෙන යනවා.

 ඒ කතන්දරයට අදාළව එදත් 2015-16 කාලයේ බුද්ධි අංශ වැනසීමේ කාර්යභාරය ඉටුකරපු, පාස්කු ප්‍රහාරය වෙනකොට ඒ පිළිබඳව වගේ වගක් නැතුව හිටපු, ඇස්කන් පියාගෙන හිටපු, ඒකේ වගඋත්තරකාරයෝ වෙච්ච, ඊට පස්සේ දේශපාලනඥයෝ වෙච්ච මේ ශානි අබේසේකරලා දැන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය, එනම් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය පිනවීමේ දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මාලිමා ආණ්ඩුව දෙමළ බෙදුම්වාදීන්ට පොරොන්දු වුණු දේශපාලන ව්‍යාපෘතියක් මේක. මේක විමර්ශන ව්‍යාපෘතියක් නොවෙයි, මේක නෛතික ව්‍යාපෘතියක් නොවෙයි. මේ කරන්නේ දේශපාලන ව්‍යාපෘතියක්.

 දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව තමයි මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මූල්‍යමය දායකත්වය ආදී සම්පත් බොහෝ සෙයින් ලබාදුන්නේ කියලා අපි නොවෙයි කිව්වේ — පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩයස්පෝරාවත් එක්ක දැනුත් ගනුදෙනු කරන අරුණාචලම් රාමනාදන්ලායි කිව්වේ, අපි නොවෙයි කියන්නේ. ඒ නිසා ඒවා දැන් ඔප්පු වෙලා තියෙන, ප්‍රකට ඇත්තක් බවට පත්වෙලා තියෙන කතා. නිසා ඒ දේශපාලන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම, පූර්ව සැලසුමකට අනුව ඒ දේශපාලන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම ශානි අබේසේකර නැමති දේශපාලනඥයාටත්, රවි සෙනෙවිරත්න නැමති දේශපාලනඥයාටත් ලබාදීලා තියෙනවා. දැන් තව ටික කලකින් මෙහෙම වුණොත්, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති තනතුරටත් ගේන්න පුළුවන් දේශපාලනඥයෙක්. මාලිමාවේ කාවහරි පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති තනතුරට පත්කළා කිව්වොත් පුදුම වෙන්න එපා.

 ප්‍රශ්නය: කැබිනට් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා පහුගියදා මාධ්‍ය ප්‍රකාශයක් කරමින් කිව්වා, දැන් සුරේෂ් සලේ සම්බන්ධව ඔය කියන ආකාරයට කිසිදු අගතියක් වෙලා නැහැ, වෛද්‍ය තොරතුරු අනුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා. මොකක්ද මෙහි ඇත්ත? කවුද ඇත්ත කියන්නේ?

 පිළිතුර: දැන් බලන්න, ඔහු රෝහල්ගත වෙන්න කලින් 'සුරේෂ් සලේ සමඟ නැඟිටිමු' කියන මහජන ව්‍යාපාරය විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කළා. 8 වෙනිදා ආරම්භ කරනවා කියන තොරතුරු රජයට ගියා. ඒ තත්ත්වය පාලනය කරන්න 7 වෙනිදා රාත්‍රියේම සුරේෂ් සලේ මහතාව ජාතික රෝහලට ගෙනිච්චා. ඒක හොඳයි, ඒක ඒ මහජන ව්‍යාපාරය ලැබූ මූලික ජයග්‍රහණයක්; මේ රටේ දේශප්‍රේමී ජනබලවේගය, ජනතාව ලැබූ ජයග්‍රහණයක්.

 එතකොට ඒ වෙනකොටත් කිව්වේ, සුරේෂ් සලේගේ නීතිඥවරයා සහ සුරේෂ් සලේගේ පවුලේ උදවිය සුරේෂ් සලේට දෙන මේ අවමන් සහගත සැලකිලි, නින්දා සහගත සැලකිලි සහ දරාගත නොහැකි කායික වදවේදනා පිළිබඳව මාධ්‍යයට කරුණු සැලකර සිටිද්දී, නලින්ද ජයතිස්ස මහත්මයා කිව්වේ මොකක්ද? 'ඔය කියන එහෙම සැලකිල්ලක් නැහැ' කියලයි කිව්වේ. ඔය කියන ආකාරයේ සැලකිල්ලකින් ඉන්නවා, ඔහු සාමාන්‍ය අපරාධකරුවෙක් හැටියට ඉන්නවා, සාමාන්‍ය සැකකරුවෙක් හැටියට ඉන්නවා, අපරාධයක් පිළිබඳ සැකකරුවෙක් හැටියට ඔහු ඉන්නවා කියලයි කිව්වේ. හරි සුවපහසු ජීවිතයක්, සිරකරුවන්ට මනුෂ්‍යයන් විදිහට සලකන ජීවිතයක් ඔහුට තියෙනවා කියලා තමයි ඔය කැබිනට් මාධ්‍ය හමුවේදීම කැබිනට් ප්‍රකාශකවරයා සහ සෙසු මාලිමාවේ නායක කාරකාදීන් කිව්වේ.

 දැන් මානව හිමිකම් කොමිසම, සුරේෂ් සලේ මහතාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මානව හිමිකම් කොමිසම හතරවැනි තට්ටුවේ සුරේෂ් සලේ රඳවා තැබූ කාමරය සහ ඒ පරිශ්‍රය විමර්ශනයක නියැලෙනවා. නියැලීලා ඔවුන් කියනවා, තව කරුණු ගොඩක් ඔවුන්ට කියන්න තියෙනවා කියලා. ඒ අතරතුර ප්‍රමුඛතම කාරණයක් තමයි, මිනිසෙකු රඳවා තැබීමට කිසිසේත්ම සුදුසු නැති කුටියක තමයි ඔහුව රඳවා සිටියේ කියන එක. අඩුම තරමින් වාතාශ්‍රයවත් එන්නේ නැහැ එහි. වාතාශ්‍රය නැති තැනක රැඳෙව්වාම කොහොමද මේ මනුෂ්‍යයා හුස්ම ගන්නේ? මේක අපි නොවෙයි කියන්නේ. නලින්ද ජයතිස්සට එදිරිව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයාට එදිරිව, මාලිමාවේ නායකයන්ට එදිරිව දැන් කරුණු කියන්නේ වෙන කවුරුවත් නොවෙයි, දැන් කරුණු කියන්නේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු.

 ඔවුන් කියනවා සුරේෂ් සලේ රඳවා තබා තිබෙන මේ අඩි හයහමාරයි හතරේ කුටිය කියන්නේ වාතාශ්‍රය නැති, මිනිස් රැඳවුමකට කිසිසේත්ම නුසුදුසු කුටියක් කියලා. ඒ වගේම ඔහුට කායික වදවේදනා දුන්නද කියන කාරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සහ යාබද කුටිවල සිටින සෙසු සිරකරුවන්ගෙන් නැත්නම් සැකකරුවන්ගෙන්, රැඳවුම් භාරයේ සිටින අයගෙන් ප්‍රශ්න කරන බවටත් මානව හිමිකම් කොමසාරිස්වරු සඳහන් කරනවා.

 ඊට හරි පැහැදිලියි. ඒ අය, මාලිමාකාරයෝ කෙසේ කීවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කෙසේ කීවත්, සිහිබුද්ධියක් තියෙන අයට හරි පැහැදිලියි මේ මොකක්ද වෙන්නේ කියලා. පාස්කු ප්‍රහාරයකට අංශුමාත්‍රයක්වත් සම්බන්ධයක් නැතැයි කියා FBI ආයතනය පවා කියන, ඒ ජාත්‍යන්තර සම්මානලාභී විමර්ශනය පවා කියන, ලංකාවේ එක විමර්ශනයකින්වත් අංශුමාත්‍රයක්, උකුණෙකු තරම්වත් ගෑවී නැති, 2021 වෙනකන් කිසිම සම්බන්ධයක් නැති සුරේෂ් සලේ මහතාව මේ කුදලාගෙන ගිහිල්ලා, රැඳවුම් නියෝග ගහගෙන මේ කරන්න හදන්නේ වෙන මොකක්වත් නොවෙයි — දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ මනදොළ සම්පූර්ණ කරන්නයි.

 අන්න ඒකට තමයි මේ මාලිමා ආණ්ඩුවත්, එහි කුලීකාරයෝ වෙච්ච, දේශපාලනඥයෝ වෙච්ච ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලාත් මේ ලකලෑස්ති වෙලා, සූදානම් වෙලා කරගෙන යන්නේ."

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.
ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.