අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය දැඩිව හෙළාදකිනවා - 'ෆ්‍රී ලෝයර්ස්' කියයි..
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ පැහැදිලිවම දේශපාලන මර්දන උත්සාහයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුණි.
එහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ, රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන අන්දමේ ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පිරිසට චෝදනා ඉදිරිපත් කර ඇති බවය.
මේ සිද්ධිය හෙළා දකිමින් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, දේශපාලන පක්ෂ නායකයින් පස් දෙනෙකුට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එකම නඩුවක් යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීම අතිශය දුර්ලභ කටයුත්තක් බවය.
2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ එය පවත්වාගෙන යාමට පොලීසියට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
එසේ තිබියදීත්, දේශපාලනඥයින් නිහඬ කිරීම සඳහා මෙලෙස පොලිස් බලය අවභාවිත කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුත්තක් බව එම සංවිධානය අවධාරණය කරයි.
වත්මන් පාලක පක්ෂය බලයට පත් කිරීම සඳහා තමන් ක්‍රියාකාරීව දායක වූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමකින් පිළිගත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු, කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවාගෙන ඇති බව එම සංවිධානය පවසයි.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කර, අතීතයට බලපාන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට ද උසස් කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.
රජය විවේචනය කරන සෑම තරාතිරමකම පුද්ගලයින් අපහසුතාවයට පත් කර මෙල්ල කර ගැනීම සඳහා, රජය මෙවැනි දේශපාලනීකරණය වූ විශ්‍රාමික පොලිස් නිලධාරීන් ලවා විවිධ උපක්‍රම යොදාගනිමින් සිටින බවට ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) වගන්තිය මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහසත්, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහසත් තහවුරු කර ඇත.
එබැවින් දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ මෙම මූලික අයිතිවාසිකම් විනාශ කිරීමට දේශපාලනීකරණය වූ පොලිස් සේවයට කිසිදු හැකියාවක් හෝ අයිතියක් නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ නිදහස් අදහස් දැක්වීම් වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව දරන මෙම ඒකාධිපති උත්සාහය සමස්ත සමාජයම එක්ව පරාජය කළ යුතු බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි