සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ අතර ලිපි හුවමාරුවක් සිදුවී තිබේ.
ඒ අනුව, සුරේෂ් සලේට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවසර දෙන ලෙස ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර, ඊට පිළිතුරු දෙමින් CID අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඊයේ (13) ලිපියක් මඟින් දන්වා ඇත්තේ සලේ මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින්, මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බවයි.
නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමි වී සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත්, අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් CID අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියෙහි සඳහන්.
එමෙන්ම, පවුලේ අයට (බිරිඳ, දියණිය සහ පුතාට) දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින්, දෛනිකව නීතිඥවරයාට හමුවීමට අවකාශ දිය නොහැකි බව CID අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.
CID අධ්‍යක්ෂවරයාගේ ලිපියට අද (14) ප්‍රතිචාර දක්වමින් මනෝරි සලේ පවසා ඇත්තේ, රෝහල්ගත වීම නිසා නීතිඥ සහාය අවශ්‍ය නොවන බවට CIDය කරන ප්‍රකාශය නීති විරෝධී මෙන්ම දැඩි කනස්සල්ලට කරුණක් බවයි.
නීතිඥ සහාය යනු රඳවාගෙන සිටින අයෙකුගේ මූලික අයිතිවාසිකමක් මිස CIDයේ අභිමතය පරිදි දෙන හෝ නොදෙන වරප්‍රසාදයක් නොවන බව ඇය එම ලිපිය මගින් පෙන්වා දෙයි.
තම ස්වාමිපුරුෂයා උපවාසයක් ආරම්භ කළේ නිකම්ම නොවන බවත්, CID නිලධාරීන් භාරයේ සිටියදී ඔහුට විඳීමට සිදු වූ ශාරීරික, මානසික සහ ආවේගාත්මක පීඩාවන් හේතුවෙන් එය සිදු වූවක් බවත් ඇය එහිදී සඳහන් කරයි.
එබැවින් ඔහුගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම CID අධ්‍යක්ෂවරයා සතු බවයි ඇය එම ලිපියෙන් සඳහන් කරන්නේ.
මාස දෙකකට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටියද, රෝහල්ගත වීමට පෙර තම ස්වාමිපුරුෂයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණක් බවත්, මේ හේතුවෙන් මෙම දීර්ඝකාලීන රැඳවුම් භාරය විමර්ශන අවශ්‍යතාවක් සඳහා නොව, ඔහුට දැඩි පීඩනයක් එල්ල කිරීම සඳහා කරන ලද්දක් බව පෙනී යන බව ඇය සඳහන් කරයි.
තම ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍ය සහ මානසික නිදහස ගැන සිතා නීතිඥ සහාය අවහිර කරන බවට CIDය පවසන කතාව පිළිගත නොහැකි බවත්, නීති නියෝජනය පිළිබඳ තීරණ ගත යුත්තේ පවුලේ අය සහ නීතිඥවරුන් මිස චෝදනා එල්ල වී ඇති ආයතනය විසින් නොවන බවත් පවසන ඇය, තම ස්වාමිපුරුෂයාට නීතිඥ සහාය ලබා දෙන ලෙස CID අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති