Chinese Dragon Boat Festival හෙවත් චීන මකර ඔරු උත්සවය කොළඹදී සමරයි
චීනයේ ප්‍රධාන සම්ප්‍රදායික උත්සව හතරෙන් එකක් වන මකර ඔරු උත්සවය (අනෙක් උත්සව වන්නේ වසන්ත උත්සවය, සොහොන් පිරිසිදු කිරීමේ දිනය සහ මධ්‍ය-සරත් උත්සවයයි) චීන චන්ද්‍ර දින දර්ශනයේ පස්වන මාසයේ පස්වන දිනයේ සමරනු ලබයි. ග්‍රෙගොරියානු දින දර්ශනයට අනුව එය සෑම වසරකම මැයි මස අග හෝ ජූනි මස තුළ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන උත්සවයකි. මේ වසරේ මෙම උත්සවය ජූනි 19 වැනිදා (සිකුරාදා) යෙදී ඇති අතර, ජූනි 19 සිට ජූනි 21 දක්වා දින තුනක කාලයක් පුරා චීනය පුරා සමරනු ලැබේ.
මෙම උත්සවය චීනයේ ප්‍රසිද්ධ කවියෙකු සහ දේශපාලනඥයෙකු වූ චූ යුවාන් (ක්‍රි.පූ. 340–278) සිහිපත් කිරීම සඳහා පැවැත්වේ. ඔහු තම රට හා ජනතාව පිළිබඳ ගැඹුරු කනස්සල්ලකින් යුතුව චූ රාජ්‍යයේ පිරිහීම දැක මිලුවෝ නදියට පැන සියදිවි නසා ගත් බව කියවේ. ජනප්‍රවාදයට අනුව, ප්‍රදේශවාසීන් බෝට්ටුවලින් ඔහු සොයා නදිය ඔස්සේ ගමන් කළ අතර, මත්ස්‍යයන් ඔහුගේ දේහය ආහාරයට නොගැනීම සඳහා සහල් කැවුම් (රයිස් ඩම්ප්ලින් ) නදියට දැමූහ. කාලයත් සමඟ මෙම උත්සවය චූ යුවාන් සිහිපත් කිරීම සමඟ සමීපව බැඳී ගියේය. කෙසේ වෙතත්, මකර ඔරු උත්සවයේ ආරම්භය චූ යුවාන්ගේ යුගයටත් පෙර වූ අතර, එයට අදාළ බොහෝ සම්ප්‍රදායන් ඔහු හා සම්බන්ධ ජනප්‍රවාදයට පෙර සිටම පැවති බව සැලකේ.
උත්සවයේ ප්‍රධාන ආහාරය වන්නේ සොංසි (Zongzi) නම් උණ ගස්වල කොළවලින් ඔතා සකස් කරන ලද සහල් කැවුමයි (රයිස් ඩම්ප්ලින්). එය මස්, බෝංචි, බිත්තර කහ මද හෝ රටඉඳි වැනි ද්‍රව්‍යවලින් පුරවා සකස් කරනු ලැබේ. මකර ඔරු තරඟ සඳහා, මකර හිස් සහ වලිගවලින් අලංකාර කරන ලද දිගු හා පටු ඔරු ගංගා හා වැව් මත තරඟ වදින අතර, ඒ සමඟ බෙර වාදනයද සිදු කෙරේ. සම්ප්‍රදායිකව, නපුරු ආත්ම හා රෝග පලවා හැරීම සඳහා රියල්ගර් වයින් භාවිතා කර ඇත. එසේම, නපුරු බලවේගයන්ගෙන් ආරක්ෂාව සඳහා කැලමස් සහ මග්වර්ට් වැනි ඖෂධීය ශාක නිවෙස්වල දොරටු අසල එල්ලීමද මෙම උත්සවයේ ජනප්‍රිය චාරිත්‍රයකි.
චීනයට අමතරව, මෙම උත්සවය ආසියාවේ වෙනත් බොහෝ රටවල හා කලාපවලද සමරනු ලැබේ. විශේෂයෙන් මලයාසියාව හා සිංගප්පූරුවේ චීන ප්‍රජාවන් අතර එය “බාක් චාං උත්සවය” (Bak Chang Festival) ලෙසද ජනප්‍රියය.
2022 වසරේ ආරම්භ කරන ලද චීන–ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන මකර ඔරු තරඟයේ සාර්ථකත්වය පදනම් කර ගනිමින්, මෙවර මකර ඔරු උත්සවය ද විශාල වශයෙන් සංවිධානය කරනු ලැබූ අතර, එය චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ දෙරටෙහි ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සම සත්කාරකත්වය දරමින්, ශ්‍රී ලංකා කැනෝ හා කයාක් සංගමය (NACKSL), ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදේශගත චීන සංගමය, ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය, චීන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු හා සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානය සහ රුගාවෝ රූකඩ කලා කණ්ඩායම එක්ව ඊයේ (12) මෙම මකර ඔරු තරඟාවලිය සංවිධානය කළහ. එය වරාය නගරයෙහි බීච් ප්ලාසා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චී ජෙන්හොං මහතා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වූහ.
මෙහිදී කෙටි දුර මකර ඔරු තරඟ කාණ්ඩ කිහිපයක්, රුගාවෝ රූකඩ කලා කණ්ඩායමේ රූකඩ සංදර්ශනයක්, සාම්ප්‍රදායික චීන සංස්කෘතිය සහ චීන–ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරුව ඉස්මතු කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ ප්‍රදර්ශනයක් ඇතුළු විවිධ සංස්කෘතික හා ක්‍රීඩාමය වැඩසටහන් රැසක් පැවැත්විණි. යාපනය සහ කොළඹ ඇතුළු දිස්ත්‍රික්කවල තරඟකරුවන් මෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කළ කණ්ඩායම්ද මෙම තරඟාවලියට සහභාගී වී තරඟ වැදුණි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි