අර්බුදය නිර්මාණය කළ අයම අර්බුදයෙන් රට ගොඩගන්නා බව කියනවා - වෛද්‍ය වසන්ත බණ්ඩාර..., සිටින පිරිසේම කවුරුන් හෝ නායකත්වයට ගෙන ඒමෙන් අර්බුදය විසඳන්න බැහැ - උවිඳු විජේවීර
ඕනෑම සමාජයක් අර්බුදයකට මුහුණ දී ජනතාව දැඩි පීඩාවට ලක්වීමේ දී එම ජනතාවට තම සුන්දර සිහින අමතක වී මහජන මනස හැකිලී, මහජනයා කුරුමිට්ටකු බවට පත්කරන මානසික තත්ත්වයක් නිර්මාණය වන බවත්, එහිදී ඔවුන්ව ඉතා පහසුවෙන් රැවටිය හැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
'නයෝමි ක්ලේම්' නම් කතුවරිය විසින් ද මේ තත්ත්වය පිළිබඳව තම කෘතියකින් පෙන්වා දී ඇති බවත්, ජනතාව මෙයින් ගලවා ගැනීමට නම් අනිවාර්යෙන්ම ඔවුන්ට යථාර්ථය වටහාදිය යුතු බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ දෙවන පරපුරේ සංවිධානයේ නායක උවිඳු විජේවීර මහතා සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය.
රටේ අර්බුදයක් නිර්මාණය කළ මිනිසුන්ම අර්බුදයෙන් රට ගොඩගන්නා බව පවසමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන බවද, ඔවුන්ට ඡන්දය දීමට මහජනයා සූදානම් දැයි ප්‍රශ්න කළ යුතු බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
මෙරට ඓතිහාසික සභ්‍යත්ව උරුමය, ස්වභාවික සම්පත් හා මානව සම්පතේ ඇති සුවිශේෂී දක්ෂතා යොදාගනිමින් රට වැටී ඇති තැනින් ගොඩ ගත හැකි වුවද පවතින ආර්ථික හා සමාජීය මොඩලය තුළ මෙය කළ නොහැකි බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම සාකච්ඡාවට එක්වෙමින් උවිඳු විජේවීර මහතා පැවසුවේ පවතින අර්බුදය මේ මොහොතේ නිර්මාණය වූවක් නොවන බවත්, ඉතිහාසයේ සිට මෙම අර්බුදය ක්‍රමක්‍රමයෙන් පැන නැගුනු තත්ත්වයක් බවත්ය.
අර්බුදය විසඳිය හැක්කේ නිවැරදි දැක්මක් හා චින්තනයක් මත බවත්, ඒ සදහා ජනතාවට නිවැරදි චින්තනයක් හා දැක්මක් ලබාදියුතු බවත් පවසන උවිඳු විජේවීර මහතා, ඉදිරි මැතිවරණයක දී ද සිටින පිරිසේම කවුරුන් හෝ නායත්වයට ගෙන ඒමෙන් මෙම අර්බුදය ජයගත නොහැකි බවද පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්