
අර්බුදය නිර්මාණය කළ අයම අර්බුදයෙන් රට ගොඩගන්නා බව කියනවා - වෛද්‍ය වසන්ත බණ්ඩාර..., සිටින පිරිසේම කවුරුන් හෝ නායකත්වයට ගෙන ඒමෙන් අර්බුදය විසඳන්න බැහැ - උවිඳු විජේවීර
ඕනෑම සමාජයක් අර්බුදයකට මුහුණ දී ජනතාව දැඩි පීඩාවට ලක්වීමේ දී එම ජනතාවට තම සුන්දර සිහින අමතක වී මහජන මනස හැකිලී, මහජනයා කුරුමිට්ටකු බවට පත්කරන මානසික තත්ත්වයක් නිර්මාණය වන බවත්, එහිදී ඔවුන්ව ඉතා පහසුවෙන් රැවටිය හැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
'නයෝමි ක්ලේම්' නම් කතුවරිය විසින් ද මේ තත්ත්වය පිළිබඳව තම කෘතියකින් පෙන්වා දී ඇති බවත්, ජනතාව මෙයින් ගලවා ගැනීමට නම් අනිවාර්යෙන්ම ඔවුන්ට යථාර්ථය වටහාදිය යුතු බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ දෙවන පරපුරේ සංවිධානයේ නායක උවිඳු විජේවීර මහතා සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය.
රටේ අර්බුදයක් නිර්මාණය කළ මිනිසුන්ම අර්බුදයෙන් රට ගොඩගන්නා බව පවසමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන බවද, ඔවුන්ට ඡන්දය දීමට මහජනයා සූදානම් දැයි ප්‍රශ්න කළ යුතු බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
මෙරට ඓතිහාසික සභ්‍යත්ව උරුමය, ස්වභාවික සම්පත් හා මානව සම්පතේ ඇති සුවිශේෂී දක්ෂතා යොදාගනිමින් රට වැටී ඇති තැනින් ගොඩ ගත හැකි වුවද පවතින ආර්ථික හා සමාජීය මොඩලය තුළ මෙය කළ නොහැකි බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම සාකච්ඡාවට එක්වෙමින් උවිඳු විජේවීර මහතා පැවසුවේ පවතින අර්බුදය මේ මොහොතේ නිර්මාණය වූවක් නොවන බවත්, ඉතිහාසයේ සිට මෙම අර්බුදය ක්‍රමක්‍රමයෙන් පැන නැගුනු තත්ත්වයක් බවත්ය.
අර්බුදය විසඳිය හැක්කේ නිවැරදි දැක්මක් හා චින්තනයක් මත බවත්, ඒ සදහා ජනතාවට නිවැරදි චින්තනයක් හා දැක්මක් ලබාදියුතු බවත් පවසන උවිඳු විජේවීර මහතා, ඉදිරි මැතිවරණයක දී ද සිටින පිරිසේම කවුරුන් හෝ නායත්වයට ගෙන ඒමෙන් මෙම අර්බුදය ජයගත නොහැකි බවද පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
