ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.
"රණවිරු ජනපවුර" සංවිධානයේ කැඳවුම්කරු බන්දු අතුකෝරල මහතා ඇතුළු මෙහෙයුම් කමිටු සාමාජිකයින් විසින් කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ කැඳවුම්කරු බන්දු අතුකෝරල මහතා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) එරෙහිව විශාල විරෝධයක් දැක්වූ දේශපාලන ව්‍යාපාරයක් නියෝජනය කරන වත්මන් රජය, අද එම පනතම උපයෝගී කරගනිමින් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සිය දේශපාලන ප්‍රතිපත්තිය පසෙක තැබීමක් බවයි.
තිස් අවුරුදු යුද්ධයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ නිලධාරියකු වන සලේ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අනවශ්‍ය පීඩනයකට ලක් කර ඇති බවට චෝදනා කරන අතර, මේ සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල වාර්තාවක් කැඳවීමට අධිකරණය ගෙන ඇති තීරණය තමන් අගය කරන බවද හෙතෙම පැවසීය.
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඉතා නින්දිත, තිරිසන් ක්‍රියාවක් බවත්, මඩකලපුව, කටුවපිටිය, කොටහේන ඇතුළු ප්‍රදේශවල ඉන් බැටකෑ කතෝලික, මුස්ලිම් සහ සිංහල සමස්ත ජනතාවටම සාධාරණය ඉටු විය යුතු බවත් රණවිරු සංවිධානය මෙහිදී අවධාරණය කළේය.
ඒ සඳහා සම්බන්ධ වූ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක විය යුතු වුවද, CID අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරන ශානි අබේසේකර මහතා වැනි නිලධාරීන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය හේතුවෙන් වත්මන් පරීක්ෂණවල ස්වාධීනත්වය පිළිබඳව සමාජය තුළ සාධාරණ සැකයක් මතු වන බව ද අතුකෝරල මහතා පෙන්වා දුන්නේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති