ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු තුනක් මාස ගණනාවක් තිස්සේ නොපිරවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දේශපාලන හා නීති ක්ෂේත්‍රයෙන් දැඩි චෝදනා එල්ල වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ව්‍යවස්ථාපිත වගකීම ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ පැහැර හැර ඇති බවට නිදහස් නීතිඥ සංගමය ප්‍රසිද්ධියේ චෝදනා කරයි.
සමහර විනිසුරු පුරප්පාඩු මාස හයකට වැඩි කාලයක් තිස්සේ පුරවා නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන වලට පැමිණිලි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරගෙන යයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම ප්‍රමාද කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
"ඊළඟ නඩුවල තීන්දු එක්කද මේ අය පත් කරන්න හදන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අද සෂී වීරවංශ ඇතුලට දානවා. මහාධිකරණයෙන් ඒ අයට වුවමනා අය හිරේට දැම්මට පස්සෙද උසස්වීම් දෙන්නේ. ඒක තමයි මෙතන තියෙන සැකය. විනිසුරුවරුන් පත් කරපු නැති එකෙන් නඩු කටයුතු ප්‍රමාද වෙන්නේ නැද්ද. ඒ අය ගෙනාවම නේද නඩු කටයුතු ඉක්මන් වෙන්නේ. මේ සම්බන්ධව බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා." යැයි ජයසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ එම විනිසුරු පුරප්පාඩු අනිවාර්යයෙන්ම පුරවන බවයි.
තමාට මේ අවස්ථාවේදී කිව නොහැක්කේ ඒවා පුරවන කාලය සහ පුරවන ක්‍රමවේදය පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඉහළ උසාවි වල විනිසුරු පුරප්පාඩු නොපිරවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද පසුගිය දිනවල දැඩි උණුසුම් කතාබහක් ඇතිවිය.
- සුජිත් හේවාජුලිගේ
ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති