News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

Jun 12, 2026 at 11:27 AM
|

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය. දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ග්‍රාම සංවර්ධන, සමාජ සුභ සාධන සහ ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ අමාත්‍ය යූ පන්නිලගේ සහභාගි විය.  පැමිණි සිටි අමුත්තන් පිළිගනිමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස් දගාරියන් මහතා  ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යන සමබර ප්‍රතිපත්තිය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරනු ලැබීය.එලෙසම ශ්‍රී ලංකාව පවත්වාගෙන ආ සමබර ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය. ඒ මහතා කළ සම්පුර්ණ කතාව පහලින්...

"මෙවැනි අසීරු කාලවලදී පවා රුසියානුවන් ලෙස අප හුදෙකලා වී නොසිටීම ඉතා වැදගත් කරුණක්. ගෝලීය දකුණේ රටවල පමණක් නොව, යුරෝපීය රටවල ජනතාව අතරත්, ලෝකයේ බොහෝ රටවලත් අපට බොහෝ මිතුරන් සිටිනවා. ඒ වෙනුවෙන් ඔබ සැමට අපි ඉතාමත් කෘතඥ වෙනවා.

ඔබ දන්නා පරිදි, මෙම විශේෂ හමුදා මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වන අතර අප මුහුණ දෙන්නේ අසීරු තත්ත්වයකටයි. අවාසනාවකට මෙන්, යුක්‍රේන පාලනය තවදුරටත් ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කරමින් සිටිනවා. මෙම ශාලාවට ඇතුළු වීමට පෙර ඔබ දුටු ඡායාරූපවල සිටියේ යුක්‍රේන සන්නද්ධ හමුදාවන් විසින් සිවිල් ජනතාව ඉලක්ක කරගෙන එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද තරුණ රුසියානු පිරිමි සහ ගැහැණු ළමුන් 25 දෙනෙකුයි. මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් රුසියානව හඳුනාගෙන තිබෙනවා. එලෙසම, ඔවුන්ට දඬුවම් ලබාදීම සිදුවනු ඇත. එම දඬුවම අනිවාර්යයි.

එසේ වුවද, රුසියාව සාකච්ඡා සඳහා සූදානම්ය. ජනාධිපති පුටින් මහතා විසින් ප්‍රකාශ කර ඇති පරිදි, අපගේ ඉල්ලීම් ඉතා පැහැදිලියි. ඒවා නැවත නැවතත් සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අපගේ ඉල්ලීම් මත පදනම් වූ සාකච්ඡා මාර්ගයෙන් අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අප සූදානම්. එසේ නොවන්නේ නම්, වෙනත් විකල්පයක් ද තිබෙනවා.එනම්, අපි විශේෂ හමුදා මෙහෙයුම දිගටම කරගෙන යමින් යුධ භූමියේදී අපගේ අරමුණු ඉටු කර ගන්නවා.

අද වන විට යුක්‍රේන පාලනය මුහුණ දෙන තත්ත්වය ඊයේට වඩා බරපතළයිය. හෙට එය අදටත් වඩා නරක වනු ඇති. එබැවින් ඔවුන් හැකි ඉක්මනින් සාකච්ඡා ආරම්භ කළ යුතුයි. නැතිනම් හෙට තත්ත්වය තවත් අයහපත් වනු ඇත.

යුරෝපීය මිත්‍ර රටවලින් කාලයෙන් කාලයට ‘අපි යුක්‍රේනය සමඟ අවශ්‍ය තරම් කාලයක් සිටිමු’ යන සටන් පාඨය අපට අසන්නට ලැබෙනවා. මීට වසර කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන්ද බටහිර රටවල් කිහිපයක් අෂ්රෆ් ඝානිගේ රූකඩ පාලනයට සහාය දක්වමින් එවැනිම ප්‍රකාශ ඔවුන් කරනු ලැබුවා. මගේ ඇෆ්ගන් පසුබිම නිසා මම ඒ ගැන හොඳින් දන්නවා. ‘අවශ්‍ය තරම් කාලයක්’ යැයි ඔවුන් පැවසූවත්, 2021 අගෝස්තු මාසයේදී සිදු වූයේ කුමක්ද? අවසානයේ ඔවුන් පරාජයට පත් වූ අතර තාලිබාන් ව්‍යාපාරය ඔවුන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරනු ලැබුවා. යුක්‍රේන පාලනයටද එවැනි ඉරණමක් අත්වනු නියතයි.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා රජයට ඔවුන්ගේ සමබර ප්‍රතිපත්තිය වෙනුවෙන් මාගේ කෘතඥතාව පළ කිරීමට කැමැතියි. අපි ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉතා ඉහලින් අගය කරනවා. මෙම සමබර ස්ථාවරය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරනවා.

ලබන වසරේ රුසියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සම්පූර්ණ කිරීම සමරනු ඇති. අපගේ සම්ප්‍රදායික මිත්‍ර සබඳතා සාර්ථකව වර්ධනය වෙමින් පවතිනවා. මෙම වසර තුළ දෙරට අතර නියෝජිත කණ්ඩායම් හුවමාරුව ඉතා සක්‍රීය ලෙස සිදු වූවාඅ.

රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමාන් මර්ෂාවින් මහතා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවා. අප අතර සාකච්ඡා පැවැත්වූ අතර ශ්‍රී ලංකාවට තෙල් සැපයීම සඳහා සහාය වීමට රුසියාව සූදානම්. අපගේ යෝජනා මේ වන විටත් ඉදිරිපත් කර තිබෙනවා.

මෑතකදී නියෝජ්‍ය විදේශ අමාත්‍ය මට්ටමේ දේශපාලන උපදේශන ද පැවැත්වූවා. එහිදී දෙපාර්ශවයම ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, දෙරටේ ප්‍රවේශයන් එකිනෙකට සමාන හෝ ඉතා සමීප බව තහවුරු වූවා.

පසුගිය මැයි මාසයේදී රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අප දෙරට අතර ඉතා ශක්තිමත් සබඳතා පවතිනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් රැසක් උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ රුසියාවේ වන අතර ඒ පිළිබඳව අපි ඉතා ආඩම්බර වෙනවා.

එසේම, මෙම වසරේදී ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා දෙවරක් රුසියානු සමූහාණ්ඩුවේ ශාන්ත පීටර්ස්බර්ග් සහ කසාන් නගර වෙත සංචාරය කරනු ලැබුවා. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත මහතාද මෑතකදී මොස්කව් නුවර සංචාරය කර ඉතා සාර්ථක හා ප්‍රයෝජනවත් සාකච්ඡා පැවැත්වූවා. අප දෙරට අතර පවතින මෙම සක්‍රීය සංවාදය දැකීමට ලැබීම සම්බන්ධයෙන් අපි ඉතා සතුටට පත් වූවා.

රුසියාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ප්‍රධාන භාණ්ඩ අතරින් එකක් ලෙස සිලෝන් තේ අපි ඉතා ඉඅහලින් අගය කරනවා. සිලෝන් තේ ආනයනය කරන රටවල් අතර රුසියාව තුන්වන ස්ථානයේ පසුවෙනවා. මගේ පුද්ගලික මතය අනුව ශ්‍රී ලාංකීය තේ වෙළඳ නාම අතරින් හොඳම වෙළඳ නාමය ‘බැසිලූර්’ ය. නැවතත් කියන්නම්, මෙය මගේ පෞද්ගලික අදහසයි—හොඳම තේ වර්ගය බැසිලූර් ය.

මෙම වසරේදී ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා රුසියානු රජය ලබාදෙන රාජ්‍ය අනුග්‍රහිත ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණ කර තිබෙනවා. පෙර එය 50ක් වූ අතර දැන් එය 100ක් දක්වා වැඩි කර තිබෙනවා.

රුසියානු භාෂාව දිවයින පුරා තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගාල්ල, මහනුවර, රත්නපුර, බණ්ඩාරවෙල ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය සහ ජාතික භාෂා අධ්‍යාපන ආයතනය දක්වා එය ව්‍යාප්ත වී තිබෙනවා.

එසේම මැයි මාසයේදී, 1963 දී පැවැති ඓතිහාසික සෝවියට් චිත්‍රපට උළෙලෙන් පසු ප්‍රථම වරට සමකාලීන රුසියානු සිනමාව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත ගෙන එමින් දැවැන්ත රුසියානු චිත්‍රපට උළෙලක් අප විසින් සංවිධානය කරනු ලැබුවා.

ඔබ මේ මොහොතේම නරඹන රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ රුසියානු බැලේ පාසල මෙම ජුනි මාසයේදී සිය 21 වන සංවත්සරය සමරන අතර ඒ පිළිබඳව අපි ඉතා ආඩම්බර වෙනවා.

සම්ප්‍රදායික සහ මිත්‍රශීලී රුසියා-ශ්‍රී ලංකා සබඳතා ජනතාවගේ යහපත සඳහා විවිධ ක්ෂේත්‍රවල තවදුරටත් වර්ධනය වනු ඇතැයි මට දැඩි විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී ලංකාවට සෞභාග්‍යයත්, සියලු පුරවැසියන්ට සෞඛ්‍යය, සාර්ථකත්වය සහ යහපැවැත්මත් ප්‍රාර්ථනා කරනවා. රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහද මිත්‍රත්වය දිගුකල් පවතිවා!. ස්තුතියි!"





සම්බන්ධිත පුවත් | Related News

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.
කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.
ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.