රුපියල් කෝටි දහයකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය හා මත්කුඩු තොගයක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනී..
වෘත්තියෙන් බවුන්සර්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන පුද්ගලයෙක් සන්තකයේ රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රවය තොගයක් ඇති බවට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් (11) වන දින උදෑසන බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය කිලෝ ග්‍රෑම් 05 ගෑම් 24 ක් අයිස් මත්ද්‍රවය කිලෝ 01 ගෑම් 80 ක් විද්‍යුත් තරාදියක් හා ජාවාරමට යොදාගත් ජංගම දුරකථනයක්ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත සිටින සැකකරුවකුගෙන් අනාවරණය වූ තොරතුරු මත බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර මැටි ශුද්දාගාර පාර ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු මෙම මත්ද්‍රවය තොගයත් රැගෙන පලායාමට තැත් කිරීමේදී දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍යය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගගන හා චමිල් නමැත්තන්ට අයත් ඒවා බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.
සැකකාර 42 හැවිරිදි පුද්ගලයා වසර 19 ක්ම අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකින් මියගිය ක්ලබ් වසන්ත නැමැත්තා යටතේ සේවය කල පුද්ගලයකු බවට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී වැඩිදුරටත් අනාවරණය කළ බවද පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක අංජන, මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සේනාධිර උප පොලිස් පරීක්ෂක සමරජිව පොලිස් සැරයන්වරුන්වන 46671 සම්පත් 1445 බටුවත්ත 73067 අනුරාධ පොලිස් කොස්තාපල්වරුන් වන 11713 අනුරාධ හා 26356 නිමල් මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.
- සමීර අබේසිංහ

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි