ගත්ත ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා.. - මාලිමා මන්ත්‍රීනි ලක්මාලි
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය දෙස ට්‍රිලියන හෝ බිලියන ගණන්වලින් පමණක් බලා ණය වැඩි වී ඇති බවට තීරණය කළ නොහැකි බවත්, රටේ සමස්ත ණය බර මේ වන විට දරාගත හැකි මට්ටමකට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඇය කියා සිටියේ, ණය මඟින් ආර්ථිකය මත ඇති කරන සැබෑ බර තීරණය වන්නේ 'දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය' (Debt-to-GDP Ratio) මත පමණක් බවයි. ඒ අනුව 2024 වසරේ සියයට 95.5ක් ලෙස පැවති ලංකාවේ ණය තිරසාරකරණ දර්ශකය 2025 වසර වන විට සියයට 91.6 දක්වා පහත වැටී ඇති අතර, ඩොලර්වලින් ගෙවීමට ඇති බාහිර ණය (Exteal Debt) ප්‍රතිශතය ද සියයට 155.4 සිට සියයට 150.4 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.
2015 සිට 2019 දක්වා පැවති යහපාලන රජය සමයේ ණය-දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතය සියයට 73 සිට සියයට 82 දක්වා අතිවිශාල ලෙස ඉහළ නංවමින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හරහා අධික පොලියට වාණිජ ණය ලබාගෙන අයවැය හිඟය පියවූ බවට ඇය මෙහිදී චෝදනා කළාය.
කෙසේ වෙතත්, පසුගිය වසර එකහමාරක කාලය තුළ වත්මන් රජය ණය සේවනය සඳහා වන පොලී පිරිවැය සාර්ථකව පාලනය කර ඇති බවත්, මහා බැංකු වාර්තාවලට අනුව භාණ්ඩාගාරය විසින් මුදල් සංචිත නඩත්තු කිරීම සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.
ඒ අනුව 2032 වසර සඳහා අපේක්ෂා කළ සියයට 95ක ණය ඉලක්කය ශ්‍රී ලංකාව දැනටමත් සපුරා ගැනීමට සමත්ව ඇතැයි ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි