MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවස්ථාවක් උදාවී ඇතැයි තමන් දන්නා පරිදි වාර්තා වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පළමු වරට අනාවරණය කර තිබෙනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (08) පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර, මෙම තොරතුර සත්‍යද නැත්ද යන්න වත්මන් ආණ්ඩුව විසින් තහවුරු කළ යුතු බවද ඔහු කියා සිටියා.
ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය ගොඩනැඟීම, බස්නාහිර පළාතේ රථවාහන තදබදය අවම කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම විධිමත් ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හරහා ඉඩම් වෙළෙඳපොළක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් යහපාලන ආණ්ඩු සමයේ මෙම ගිවිසුම සාකච්ඡා කළ බව හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
එහිදී මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, යහපාලන සමයේ මෙම ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් දැඩි ලෙස විරෝධතා දැක්වූ බවයි.
අතීතයේදී එම්.සී.සී. ගිවිසුමට එරෙහිව දැඩි ලෙස උද්ඝෝෂණය කළ කණ්ඩායම්, වත්මන් තත්ත්වය හමුවේ එම ගිවිසුම යළි හිමිවන්නේ නම් ඊට කැමැත්ත පළ කරන්නේද යන්න ප්‍රශ්නකාරී බව මන්ත්‍රීවරයා පවසනවා.
තමන් මෙලෙස මතු කළේ බෙහෙවින් සංවේදී මෙන්ම ආන්දෝලනාත්මක මාතෘකාවක් බව පෙන්වා දුන් ඒ මහතා, අදාළ පාර්ශ්වයන් මේ වනවිට සිය ස්ථාවරයන් වෙනස් කර ඇත්නම් සහ නිදහස් වෙළෙඳපොළ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය තබා තිබෙන්නේ නම්, ඔවුන් ඉඩම් වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ මෙන්ම ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම්ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවද අවධාරණය කළා.
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ මුල් අවධියේ එවකට සිටි අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දැනුම්දීම මත තමන් මුලින්ම එම්.සී.සී. කාර්යාලය වෙත ගොස් මේ පිළිබඳව සාකච්ඡා කළ බැවින්, තමන්ට ඒ පිළිබඳව සෘජු අත්දැකීම් සහ සබඳතා පවතින බවද හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් අනාවරණය කළා.
ඔහු පවසන්නේ, වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියදී නව මහ බැංකු පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළද, වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳව අද වනවිට සෘජු ප්‍රකාශයන් සිදු නොකරන බවයි..
එමෙන්ම ආර්ථික පරිවර්තන පනත මඟින් ආනයන ආදේශන ක්‍රියාවලිය අධෛර්යමත් වන බව පවසමින් විපක්ෂය එදා ඊට එරෙහිව නඩු පැවරූ බවට හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ආනයන ආදේශනය මඟින් රට සංවර්ධනය කළ හැකි බව රජය විශ්වාස කරන්නේ නම් එය ප්‍රමුඛතාවක් ලෙස ක්‍රියාත්මක කළ යුතු වුවත්, වත්මන් පාලනය පැහැදිලි ස්ථාවරයක නොමැති බවයි.
මූලාශ්‍ර - news 19
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති