අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට කැනඩාවෙන් නව පනතක්..
වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කැනඩා රජය නව පනතක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාව විසින් පනවන ලද ආන්දෝලනාත්මක නීතියට සමාන අයුරින් කැනඩාව ද මෙම පියවර ගෙන ඇති අතර, කැනඩා පාර්ලිමේන්තුවේ සංස්කෘතික අමාත්‍ය මාක් මිලර් විසින් ඊයේ (10) දින ‘සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’නමින් මෙම කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු නීතියට වඩා කැනඩාවේ මෙම නව පනත තරමක් වෙනස් බව සඳහන් වන අතර, එහි සඳහන් පරිදි, බාලවයස්කාර දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට තහවුරු කළ හැකි තාක්ෂණික සමාගම්වලට මෙම තහනමෙන් නිදහස් වීමට අවස්ථාව සැලසේ.
මෙම නව නීතිය මගින් ‘ChatGPT’ වැනි AI චැට්බොට්ස් නියාමනය කිරීමට සහ අන්තර්ජාලය හරහා පැතිරෙන "හානිකර අන්තර්ගතයන්" පාලනය කිරීමට දැඩි පියවර ගෙන ඇත.
මේ යටතේ ළමයින්ට අපහාස කිරීම, වෛරය වැපිරීම සහ ප්‍රචණ්ඩත්වය උත්තේජනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර 7ක කරුණු හානිකර අන්තර්ගතයන් ලෙස වර්ග කර තිබේ.
මෙම නීති උල්ලංඝනය කරන සමාගම් සඳහා, කැනේඩියානු ඩොලර් මිලියන 10ක් (ඇමරිකානු ඩොලර් මිලියන 7ක්) හෝ එම සමාගමේ ගෝලීය දළ ආදායමෙන් 3%ක ප්‍රමාණයක් දඩය ලෙස අය කෙරේ.
නඩු පැවරීම් සහ නියාමනයන් අධීක්ෂණය කිරීම සඳහා ‘කැනඩා ඩිජිටල් ආරක්ෂණ කොමිසම’නමින් ස්වාධීන ආයතනයක්ද පිහිටුවීමට නියමිත බවත් සඳහන් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි