ඉදිරියේදී රටට බලපාන එල් නිනෝ තත්ත්වය දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීම්.. මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක්..
ඉදිරියේදී ඇතිවිය හැකි 'එල් නිනෝ' (El Niño) දේශගුණික විපර්යාසය, පුරෝකථනය කර ඇති පරිදිම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත් පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙවර අපේක්ෂා කරන එල් නිනෝ තත්ත්වය පෙර නොවූ විරූ මට්ටමකින් දරුණු විය හැකි බව පෙන්වා දුන් අතිරේක ලේකම්වරයා, එහි බලපෑමෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.
මේ හේතුවෙන් පවතින තත්ත්වයට කල්තියා සූදානම් වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම හදිසි අවස්ථාවකදී ජලය බෙදාහැරීම සඳහා ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය සතු ජල බවුසර් ප්‍රමාණය සීමිත මට්ටමක පවතින බවද වැඩිදුරටත් කියා සිටියේය.
දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය මේ වනවිට අනතුරු අඟවා තිබේ.
මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවද පවසන්නේ මේ හේතුවෙන් ජූලි - අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇති වීමේ ඉඩක් ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි