
බන්ධනාගාර පිරී ඉතිරී යයි... රජයේ හිස් ගොඩනැගිලි හිර ගෙවල් වෙන ලකුණු!
‘යුක්තිය’ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන රැඳවියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළයෑම නිසා බන්ධනාගාර පිරී ඉතිරී යෑම හේතුවෙන් රජය සතු හිස් ගොඩනැඟිලිවල රැඳවියන් තැබීමට පියවර ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබේ.
යුක්තිය මෙහෙයුම ආරම්භ කළ පසු රට පුරා පිහිටි බන්ධනාගාර විසිඅටෙහි අලුත් රැඳවියන් දෙදහස් දෙසිය පනස්පහකට අධික පිරිසක් බන්ධනාගාර ගත කර ඇති අතර, යුක්තිය මෙහෙයුම ආරම්භයට පෙර මෙරට බන්ධනාගාරවල සිටියේ රැඳවියන් විසිඅට දහසක් යැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කර තිබිණි.
සාමාන්‍යයෙන් මෙරට බන්ධනාගාර වල රැඳවිය හැක්කේ 11,000 ක් පමණ පිරිසකි. මේ අතර කාන්තා රැඳවියන් ගණන ද අටසියයේ සිට එක්දහස් එකසිය විසිහතර දක්වා වැඩි වී ඇති බවද වාර්තා වේ.
බන්ධනාගාරවල තදබදයට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස මිල්ලනිය ප්‍රදේශයේ අක්කර පනහක භූමිභාගයක් තෝරාගෙන එහි ගොඩනැඟිලි ඉදිකිරීමට සැලසුම් කර ඇති නමුත් වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන රජය සතු ආරක්ෂිත හිස් ගොඩනැඟිලි හඳුනාගෙන බන්ධනාගාරවල සිටින අතිරික්ත රැඳවියන් එම ගොඩනැඟිලිවලට යොමුකිරීමට නියමිත බව ද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
