අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා.. දැඩි ප්‍රතිචාර දක්වන බව කියයි..
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී පසුගිය සඳුදා රාත්‍රියේ අනතුරට පත් වූ අමෙරිකානු හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානය තාක්ෂණික දෝෂයකින් කඩා වැටුණක් නොව, ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බිම හෙළන ලද්දක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කර සිටින්නේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂක මුර සංචාරයක නිරත වෙමින් තිබූ අතිනවීන 'Apache' වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයට ඉරානය විසින් මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි.
යානයේ ගමන් කළ නියමුවන් දෙදෙනාම කිසිදු අනතුරකින් තොරව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වුවද, අමෙරිකානු හමුදාවට එල්ල වූ මෙම ප්‍රහාරය සුළුකොට තැකිය නොහැකි බැවින්, එක්සත් ජනපදය මීට එරෙහිව දැඩි මිලිටරි ප්‍රතිප්‍රහාරයක් අනිවාර්යයෙන්ම දියත් කරන බව ද ඔහු සපථ කර තිබේ.
අමෙරිකානු ආරක්ෂක අංශවල මූලික විමර්ශන උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරාන නියමුවකින් තොර ඩ්‍රෝන යානයක් මෙම හෙලිකොප්ටර් යානය බිම හෙළීම සඳහා සම්බන්ධ වී ඇති බවයි.
කෙසේ වෙතත්, එය හිතාමතාම සිදුකළ ප්‍රහාරයක් ද නැතහොත් වැරදීමකින් සිදුවූවක් ද යන්න පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මුහුදට වැටුණු නියමුවන් දෙදෙනා පැය දෙකකට ආසන්න කාලයක් මුහුදේ රැඳී සිටීමෙන් පසු, අමෙරිකානු නාවික හමුදාවේ ස්වයංක්‍රීය සන්නද්ධ මුහුදු ඩ්‍රෝන යානයක් මඟින් නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර, මෙය ඇමරිකානු මිලිටරි ඉතිහාසයේ ඩ්‍රෝන යානයක් භාවිත කර සිදුකළ ප්‍රථම සාගර මුදවා ගැනීමේ මෙහෙයුම ලෙස ද සනිටුහන් වේ.
පසුගිය අප්‍රේල් 08 වැනිදා අමෙරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙනයමින් ඉදිරි දින දෙක තුන ඇතුළත ස්ථිර සාම ගිවිසුමකට එළඹීමට සූදානමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙම ප්‍රහාරය සිදුවීම විශේෂත්වයක්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි