දේශපාලනයට පිවිසීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ..- ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.
“ජාතික වීරයා උතුරු මැද පළාතෙන් මහ ඇමති සටනට!” යනුවෙන් ඔහුගේ රුව සහිතව පළ වූ මෙම ප්‍රචාරක පෝස්ටරය හේතුවෙන් ඔහු දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට සූදානම් වන බවට පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් සහ වැරදි මතයක් නිර්මාණය වී තිබුණි.
මෙම ව්‍යාජ ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එක්වීමට හෝ පක්ෂ දේශපාලන කටයුතුවල නිරත වීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවයි. ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවකට සහභාගී වීම සඳහා දැනට චීනයේ රැඳී සිටින ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙම කරුණු පැහැදිලි කළේය.
සක්‍රීය දේශපාලනය ප්‍රතික්ෂේප කළද, මව්බිම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අවශ්‍ය වගකීම් පැවරෙන්නේ නම් ඒ සඳහා කැපවීමට තමන් සැම විටම සූදානම් බව හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. දේශපාලන බලලෝභිත්වයෙන් තොරව, ජාතික ආරක්ෂාව සහ රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා කළ හැකි සෑම සේවයක්ම ඉටුකිරීම තම මූලික පරමාර්ථය බව ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය.
එහිදී තමන්ගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ දශක කිහිපයක් තිස්සේ පැවති කුරිරු යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ සහ ජීවිතාන්තය දක්වා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටීම බව සිහිපත් කළ ඒ මහතා, එම උදාර සේවය තම හදවතට ඉතා සමීප කාර්යයක් වන බව ද පැවසීය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා දියත් කළ මානුෂීය මෙහෙයුම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක අංශ සටන් වැදුණේ කිසිදු ජනවාර්ගික ප්‍රජාවකට එරෙහිව නොව සමස්ත රටම වෙළාගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදයට එරෙහිව පමණක් බව නැවත වරක් සිහිපත් කළේය.
එහෙත් අවාසනාවකට මෙන්, ඇතැම් බටහිර රටවල් කිසිදු පැහැදිලි හෝ වාස්තවික සාක්ෂියකින් තොරව ශ්‍රී ලාංකික රණවිරුවන්ට එරෙහිව අසාධාරණ ලෙස කටයුතු කරමින් සිටින බවත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම සත්‍යය තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා හමුදාවේ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ ත්‍රස්තවාදය පරාජය කර රටේ භෞමික අඛණ්ඩතාව සහ දෙමළ ජනතාව ඇතුළු සමස්ත වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මිස, සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් නොවන බව ඒ මහතා ස්ථිරවම කියා සිටියේය.
එබැවින් යුද සමයේදී රට වෙනුවෙන් ජීවිතය සහ තරුණ කාලය කැප කළ රණවිරුවන් දෙස ජාත්‍යන්තරය වඩාත් සාධාරණ සහ සමබර දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු කාලය එළඹ ඇති බව පවසමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..