රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නෙවෙයි.. - මුදල් නි. ඇමති
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුව ඇත්තේ මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් බවය.
එමෙන්ම මෙම තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වන බවත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට කලබලයක් ඇති කර ගත යුතු නැති බවත් ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු,
"මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට යම් කම්පනයක් ඇතිවී ඇති බව සැබෑව. ඒ කම්පනයට ගන්න ඕන ක්‍රියාමාර්ග, නිසි පරිදි ප්‍රතිපත්තිමය තීන්දු අපි ගනිමින් ඉන්නවා. මේක ඇතුළේ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ. කෙසේ වෙතත්, එකවර මෙවැනි කම්පනයක් ඇතිවෙනකොට හා වෙළඳපොළේ අර සමපේක්ෂණ චේතනාවක්, බියක් හදපුවාම ඉල්ලුම සැපයුම එකවරම සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නේ නැහැ. පුංචි ඉහළ පහළ යාම් තියෙන්න පුළුවන්. ඩොලරයේ රුපියල් 350 ඉක්මවලා ගිය අනුපාතිකය ක්‍රමිකව 330ට වගේ ආවා ඒ ක්‍රියාමාර්ගත් එක්ක.. ආයෙත් පහුගිය දවස් දෙක ඇතුළත නැවතත් පුංචි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..