රටින් පිටවෙන්න කළින් ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් සත්‍යන්ජල් පාණ්ඩේ, ටිල්වින් සිල්වා හමුවෙන්න ගිහින්..
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ අතර හමුවක් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී විශේෂයෙන්ම මෙම හමුව සත්‍යන්ජල් පාණ්ඩේ ශ්‍රී ලංකාවේ සිය තෙවසරක ධුර කාලය අවසන් කර මෙරටින් පිටව යෑමට පෙර සිදුවූ අවසන් හමුවීම ලෙස සටහන් විය.
එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතාවය ශක්තිමත් කිරීම උදෙසා පසුගිය කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර, නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස සත්‍යන්ජල් පාණ්ඩේ විසින් දක්වන ලද මිත්‍රශීලී දායකත්වය අගය කිරීමද සිදුකර ඇත.
එසේම දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේදී ඉන්දියාව දැක්වූ දායකත්වයට සහ එහිදී නියෝජ්‍ය මහකොමසාරිස්වරයා විසින් ලබදුන් දායකත්වය මෙහිදී ටිල්වින් සිල්වා විසින් ඇගයීමට ලක්කර තිබේ.
තමා 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ හමුවීමට ඉතා ඉක්මනින් අවස්ථාව සැලසීම පිළිබඳවත් එතැන් පටන් පවත්වාගෙන ගිය ඉතා මිත්‍රශීලී සබඳතාවය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ විසින් මෙම සාකච්ඡාවේදී සිහිපත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..