භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මුදල් අමාත්‍යාංශය බහුවිධ උපක්‍රම දියත් කරලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය හෙවත් ඩොලර් 2,509,430ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක නිරතව ඇතැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.
මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත ලබාදිය යුතු වාර්තා එහි සාමාජිකයින්ගෙන් සැඟවීමට කටයුතු කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.
භාණ්ඩාගාර කොල්ලය පිලිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීමක් බවත් එබැවින් එය වහා පාර්ලිමේන්තුව වෙත ලබාදිය යුතු බවයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරයි.
ලංකා ඉතිහාසයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය වන ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) කිසිදු සදහනක් නොවන අතර මුදල් අමාත්‍යාංශයට අදාලව 2025 වසරේ සිදු වූ වඩාත් අවධානය යොමු වූ සිද්ධිය පිළිබඳ අවම වශයෙන් පාද සටහනක් (ෆුට් නෝට්) හෝ මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවට ඇතුලත් කර නැති බවත් එම ලිපියෙහි සඳහන්.
මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට පමණක් නොව රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළ භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට -- මඟහැරීමට මුදල් අමාත්‍යාංශ්‍ය බහුවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවත් එම සංවිධායන පවසයි.
එම ලිපියෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා.
''මහා භාණ්ඩාගාරයේ වාර්ෂික මුල්‍ය වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කරන ජාතික විගණන කාර්යාලය (පි. 11) Non disclosures in the Financial Statements යටතේ දක්වන්නේ, 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් 1,091,419 ක් හෙවත් රු. මි. 333 ක් ද, 2026 ජනවාරි මස ඩොලර් 1,418,011 ක් ද ණයකරුවන් නොවන තුන්වන පාර්ශවයකට (භාණ්ඩාර මංකොල්ලකරුවන්ට) ගෙවා ඇති බවයි. ඒ අනුව, ෆ්‍රී ලෝයර්ස් අනාවරණය කළ පරිදිම ඩොලර් 2,509,430 ක් මංකොල්ලකරුවන් අතට පත්ව ඇත. භාණ්ඩාගාර මංකොල්ල සිදු වූ දින සිට අද දක්වාම මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මඟහරිමින් සිටී. මුදල් අමාත්‍යා ලේකම්වරයා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා නොමඟයවන සුළු ප්‍රකාශ සිදු කිරීමෙන් පසුව සැඟවී ඇත. මෙම මංකොල්ලයට අවශ්‍ය ලේඛන සකස් කර, මෙහි පළමු ගෙවීම සිදු කර එම ලිපිගොනු භාණ්ඩාගාරයට ලබාදුන් ශ්‍රී ලංකා මහ බැංකුව ‘අපට ලබාදෙන බැංකු ගිණුමකට මුදල් යැවීම’ හැර වෙනත් වගකීමක් අපට නොමැති බව පවසමින් අතසෝදා ගෙන ඇත. රජයේ කිසිදු පාර්ශවයක් භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම බාර නොගන්නා අතරම, එය ඉතිහාසයෙන් මකා දැමීමට සියළු උත්සාහයන් දරමින් ඇත. මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සභාපතීත්වය දරන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ ලේඛන ලබාදීම සඳහා ප්‍රශ්නකාරී ලෙස මාසයක කාලයක් ලබාදුන්නේය. එමගින් ප්‍රශ්නය මාසයකට වඩා යට ගැසීමට ආණ්ඩුවටත්, ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවටත් හැකි විය. නියමිත කාලය අවසන්වීමෙන් පසුව පවා, මුදල් අමාත්‍යාංශය අදාළ වර්තාව මුදල් කාරක සභාවේ සමාජිකයින්ගෙන් සැඟවීමට තවමත් උත්සහ දරයි. භාණ්ඩාගාර කොල්ලය පිලිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීම කි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..