කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් රැවටීමේ වංචාවක්.. - SEC ආයෝජකයින්ට අනතුරු අඟවයි...
“සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” (Samagi Capital (Private) Limited) නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කාර හෝ කොටස් වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම සමාගම වෙත කොටස් තැරැව්කාර වෙළෙඳ බලපත්‍රයක් (Broker Dealer License) ලබා දී ඇති බව අඟවමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සහතික පත්‍රය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ වංචනික එකක් බවත්, එය කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් එම නිවේදනයේ දැක්වේ.
මහජනතාව නොමඟ යවමින් සිදුකරන මෙම මූල්‍ය වංචාව පිළිබඳව ආයෝජකයින් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව SEC ආයතනය පෙන්වා දෙයි.
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ගනුදෙනු කිරීමේ අරමුණින්, “සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” වෙත හෝ ඊට අනුබද්ධ කිසිදු බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ආයෝජකයින්ගෙන් සහ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තමන් සතු ධනය සුරක්ෂිත කරගැනීම සඳහා ඕනෑම ආයෝජනයක් සිදු කිරීමට පෙර නිසි ලෙස කරුණු සොයා බැලීමේ වැදගත්කම පෙන්වා දෙන කොමිෂන් සභාව, සියලුම ගනුදෙනුකරුවන් පහත පියවර අනුගමනය කළ යුතු බව අවධාරණය කරයි.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදු කළ යුත්තේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) නිසි බලපත්‍ර සහිත කොටස් තැරැව්කාර සමාගම් හරහා පමණි.
යම් ආයතනයක් බලපත්‍රලාභී අතරමැදි ආයතනයක් ද යන්න ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (www.sec.gov.lk) හෝ කොළඹ කොටස් වෙළෙඳපොළේ (www.cse.lk) නිල වෙබ් අඩවි වෙත පිවිස සැමවිටම තහවුරු කරගත යුතුය.
ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම ආයතනයේ පරම වගකීමක් බව පෙන්වා දෙන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, මෙවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට හසුනොවන ලෙස මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..