සහල් ආනයනය කරන්න යයි..
රටේ අවශ්‍යතාවය මත සහල් ආනායනය කිරීම පිළිබඳ සලකා බලන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කර ඇති බවය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දක්වනමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ, වී සහල් බවට පත්කිරීම සහ අල මිලදී ගැනීමේ ක්‍රියාවලියට සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මැදිහත් වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවය.
එමෙන්ම අල කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 220ක මුදලකට මිලදී ගෙන ඒවා සතොස මඟින් අලෙවි කිරීමට නියමිතව ඇති බවඳ එහිදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පවසා ඇති බව සඳහන්ය.
වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීම සඳහා සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන්කර ඇති බවද මෙහිදී අනාවරණ වී තිබේ.
මේ අතර ගොවියා පීඩාවට පත්කර වී ගොවිතැන විනාශ කිරීමට ආණ්ඩුව සිදුකරමින් යන ක්‍රියාවලියට එරෙහිව ගොවීන් ඉදිරියේදී කොළඹට කැඳවීමට පියවර ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන එකටුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..