ඉන්දියාවේත් පංසල් කඩා ඉවත් කරන්න පොලිස් සහාය..
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල බෞද්ධ උරුමයන් සහ විහාරස්ථාන මුහුණ දෙන අවාසනාවන්ත ඉරණමට සමාන බියකරු තත්ත්වයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්ද වාර්තා වේ.
මහාරාෂ්ට්‍රයේ කල්යාන් නගරයේ පිහිටි ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුත් "බුද්ධ භූමි පදනම්" (Buddha Bhoomi Foundation) පරිශ්‍රයේ කොටසක් කඩා ඉවත් කිරීමට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කිරීමත් සමඟ එරට බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලා දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටිති.
ප්‍රදේශයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතියක් මුදලාලිලාගේ සහ දේශපාලන අධිකාරියේ වුවමනාවන් මත සිදු කරන්නක් බවට චෝදනා එල්ල වන අතර, පන්සල කඩා ඉවත් කිරීම සඳහා බලධාරීන් විශාල පොලිස් බලඇණියක්ද කැඳවා තිබිණි.
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බැකෝ සහ ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විහාරස්ථානය බිමට සමතලා කිරීමට සැරසෙද්දී, එතැනට වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රාදේශීය බෞද්ධ ප්‍රජාව ඊට දැඩි ලෙස විරෝධය පළ කළහ. එහිදී දැකගත හැකි වූ වඩාත් සංවේදීම සහ උණුසුම්ම සිදුවීම වූයේ විහාරස්ථානයේ වැඩසිටි භික්ෂූන් වහන්සේ නමක පැමිණි ඩෝසර් යන්ත්‍රය ඉදිරියේ බිම වැතිරී තම විරෝධය පළ කිරීමයි. භික්ෂූන් වහන්සේලාගේ මෙම ජීවිත පරිත්‍යාගී මැදිහත් වීම හමුවේ පොලිස් බලය යොදා පන්සල සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට පැමිණි නිලධාරීහු තාවකාලිකව පසුබැසීමට සිදුවූහ.
බෞද්ධ සංවිධාන පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය පාලන ආයතන විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ ගරුත්වයකින් තොරව, පූජනීය වස්තූන් සහ ආගමික වටිනාකම් ඇති ස්ථාන ඉතා අමානුෂික ලෙස ඉවත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම පියවර ගත් බව බලධාරීහු පවසති. මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව පුරා වෙසෙන බෞද්ධ ජනතාව සංවිධානය වෙමින් පවතින අතර, සංවර්ධනය නාමයෙන් මෙලෙස ආගමික හා සංස්කෘතික උරුමයන් අත්තනෝමතික ලෙස විනාශ කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්