මෝදිගේ සමීපතමයකු වන ශ්‍රී ප්‍රශාන්ත් නායිර් ස්වාමි ලංකාවට ඇවිත් දිලිත් හමුවෙයි..
ඉන්දීය දේශපාලනයේ සහ රාජ්‍ය තාන්ත්‍රික බල කේන්ද්‍රයේ තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතම අධ්‍යාත්මික නියෝජිතයෙකු වන ‘ආර්ට් ඔෆ් ලිවිං’ (Art of Living) පදනමේ උප නායක ශ්‍රී ප්‍රශාන්ත් නායිර් ස්වාමි මහතා හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු දිවයිනට පැමිණ සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති අතර, මෙම හමුවීම දේශපාලනික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ඉන්දියාවේ දේශපාලන බලය මෙහෙයවන ප්‍රධානතම බලවේග වන ‘හින්දූත්ව’ මතවාදය සහ RSS සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන, එරට ධනවත්ම සහ බලපෑම් සහගතම ආගමික මධ්‍යස්ථානය වන්නේ ස්වාමි ශ්‍රී රවි ශංකර්ගේ ‘ආර්ට් ඔෆ් ලිවිං’ පදනමයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ගමන පිටුපස සිටින ප්‍රධානතම ශක්තියක් ලෙස සැලකෙන මෙම පදනමේ දෙවැනි ස්ථානය හොබවන්නේ ප්‍රශාන්ත් නායිර් ස්වාමි ය. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෝදි අගමැතිවරයාගේ පුද්ගලික සහ අධ්‍යාත්මික නියෝජිතයෙකු ලෙස සැලකෙන ප්‍රශාන්ත් නායිර් ස්වාමි, මෙලෙස ලංකාවේ විපක්ෂ දේශපාලන නායකයෙකු හමුවීම කිසිසේත්ම අහම්බයක් නොවන බවත්, එය ඉන්දීය රජයේ ඉහළම මට්ටමේ පණිවිඩයක් රැගෙන ඒමක් විය හැකි බවත්ය.
දෙපාර්ශවය අතර සාකච්ඡා වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, මෙම හමුවීම හරහා ඉන්දියාව ලංකාවේ වත්මන් දේශපාලන ගමන් මඟ පිළිබඳව පැහැදිලි තක්සේරුවක සිටින බව පෙනී යයි. වත්මන් මාලිමා රජයේ දේශපාලන ස්ථාවරය පිළිබඳව ඉන්දියාව මේ වන විටත් ස්ථාවර නිගමනයකට පැමිණ ඇති අතර, ඔවුන් ඊළඟට ශ්‍රී ලංකාවේ බලයට පත්විය හැකි විකල්ප නායකත්වය කවුරුන්ද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..