භාණ්ඩාගාර කොල්ලයේ වාර්තාව වැරදි පාරෙන් හර්ෂගේ නිවසට.. - හර්ෂගේ විරෝධය
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් (ඩොලර් මිලියන දෙකහමාරක) වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඉල්ලා තිබූ වාර්තාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවසට එවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම වාර්තාව සභාපතිවරයාගේ පෞද්ගලික පරිශීලනය සඳහා පමණක් බව සඳහන් කරමින් ඔහුගේ පෞද්ගලික නිවසට එවා තිබූ බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. අදාළ ගනුදෙනුව පිළිබඳව සියලු විස්තර සහිත වාර්තාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය මීට පෙර එකඟ වී තිබූ අතර, ඒ සඳහා සති හතරක කාලයක් ලබා දී තිබුණ ද වාර්තාව ඉදිරිපත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වී තිබිණි.
තමා හර්ෂ ද සිල්වා ලෙස නොව මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ජනතාව නියෝජනය කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම වාර්තාව ඉල්ලා සිටියේ කාරක සභාවේ සාකච්ඡා කිරීමට මිස පෞද්ගලික පරිශීලනයට නොවන බව අවධාරණය කළේය.
"මට පෞද්ගලිකව මේ වාර්තාව එවලා මගේ නිවසට එවන එක මම ප්‍රතික්ෂේප කළා. මම ඒක භාරගත්තේ නැහැ," යැයි පවසමින් ඔහු සඳහන් කළේ නිසි සම්ප්‍රදායානුකූලව එය පාර්ලිමේන්තුව හරහා එවිය යුතු බවයි.
රජයේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය සහ අධීක්ෂණ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට වන අතර, මුදල් කමිටුව පත් කර ඇත්තේ එම වගකීම ඉටු කිරීමටය. එබැවින් මෙලෙස පෞද්ගලිකව වාර්තා එවීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් මුදල් කමිටුවේ වගකීම උදුරා ගැනීමක් බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් කාරක සභාවේ සියලු සාමාජිකයන්ගේ එකඟතාව මත හර්ෂ ද සිල්වා මහතා නියෝග කර ඇත්තේ, හෙට (03) දිනය තුළ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කමිටු සාමාජිකයන් එය පරිශීලනය කර ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..