කපිල චන්ද්‍රසේන මියගිය නිවසේ කාමරයෙන් කොළ පාට පටියක් සොයා ගනී..
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මියගිය නිවසේ කාමරයේ තිබී කොළ පාට පටියක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (2) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වීය.
එම පටිය රස පරීක්ෂක වෙත යැවීමට නියෝගයක් ලබා දෙන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සිද්ධියට අදාලව වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ රජයේ රස පරීක්ෂක සමඟ සිදු කරන ලද දුරකථන සංවාදයකදී මරණකරු ගෙලවැල දා ගැනීමට භාවිතා කළ පටියට සමාන පටියක් එම කාමරය තුළ තවත් තිබේදැයි විමර්ශනය කර රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස දන්වා තිබූ බවයි.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කපිල චන්ද්‍රසේන මියගිය කාමරයේ තිබී තවත් කොළ පාට පටියක් රස පරීක්ෂක වෙත යැවීමට අද දින අධිකරණයේ නියෝග ඉල්ලා සිටියේය.
තවද සිද්ධියට අදාලව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ මෙම මරණය සිදු වූ නිවසේ සීසීටීවී පිවිසුම් හතරක් ඔස්සේ මේ වන විටත් විමර්ශනය කර ඇති බවයි.
එම සීසීටීවී දර්ශන අනුව කිසිදු සැකකටයුතු කෙනෙක් අනාවරණය නොවන බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවේය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ කපලි චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් මේ වන විට කුමන විමර්ශනයක් සිදු කරන්නේද යන්නයි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ අධිකරණ අමාත්‍යංශයේ සහකාර ලේකම්ට මෙම ජංගම දුරකථන සම්බන්ධයෙන් ලිපියක් මඟින් දැනුම් දී ඇති බවයි.
තවද FBI ආයතනය හරහා ඇමරිකාවේ ඇපල් සමාගමට මෙම ජංගම දුරකථනය යොමු කිරීමට කටයුතු කරමින් පවතින බවද විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු දැක්වූවේය.
සිද්ධියට අදාල නඩුව ලබන 5 කැඳවීමට නියමිතය. එදිනට වැඩිදුර සාක්ෂි විභාග පැවැත්වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..