News Category
From Date
To Date
Maximum Number of Result

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හඳුනාගැනීමේ චක්‍රලේඛ අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේ

Jun 2, 2026 at 02:57 PM
|

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂක ශ්‍යාමේන්ද්‍ර වික්‍රම් ආරච්චි මහතා, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහලේකම් නීතිඥ නුවන් චමාර ඉඳුනිල් බැල්ලන්තුඩාව මහතා සහ ස්ත්‍රී රෝග හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රෝහිණි සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය  අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හඳුනාගැනීම සඳහා පරිපාලන ක්‍රියාදාමයන් සහ නිල වාර්තාවල ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ විස්තර සංශෝධනය කිරීම සඳහා විධිවිධාන සපයන රජයේ චක්‍රලේඛ දෙකක් අවලංගු කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ ගොනු කර ඇති මෙම පෙත්සමේදී, ඇටෝර්නි ජනරාල්වරයා, රාජ්‍යය පරිපාලන අමාත්‍යවරයා, රෙජිස්ට්‍රාල් ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

2016 ජූනි 16 දින නිකුත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය චක්‍රලේඛ අංක 01-34/2016 සහ 2016 ජූලි 28 දින නිකුත් කරන ලද රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අංක 06/2016 ට එරෙහිව පෙත්සම්කරුවන් විසින් අභියෝගය කර ඇත.

පෙත්සමට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛය මගින් රජයේ සෞඛ්‍ය ආයතනයක උපදේශක මනෝ වෛද්‍යවරයෙකුගේ සහ අදාළ ආයතනික බලධාරීන්ගේ සහතිකයට යටත්ව සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගැනීමේ සහතික (GRCS) නිකුත් කිරීම සඳහා රාමුවක් ස්ථාපිත කර ඇත. එමගින් සංක්‍රාන්ති ලිංගිකත්වය දැනුම්දීම් සඳහා ලේඛනයක් පවත්වාගෙන යාම සඳහා ක්‍රියාපටිපාටි ද හඳුන්වා දී ඇත.

රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය නියමිත වෛද්‍ය හා නීතිමය නිර්ණායක මත පදනම්ව උප්පැන්න වාර්තාවල ස්ත්‍රී පුරුෂ භාවයට අදාළ විස්තර සංශෝධනය කිරීම සඳහා පරිපාලන ක්‍රියාවලියක් සපයන බවද පෙත්සම්කරුවෝ පවසති.

පෙත්සම්කරුවන් තර්ක කරන්නේ මෙම චක්‍රලේඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී සහ ඒවා නිකුත් කළ නිලධාරීන් තම නීතිමය බලයට පිටින් කටයුතු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ ජීව විද්‍යාත්මක ස්ත්‍රී පුරුෂ භාවය පමණක් බවත්, එමගින් 'ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංකල්පය' (gender identity) හඳුන්වා දී නීතිමය බලපැවැත්වීමක් සිදු කරන බවත් පෙත්සම්කරුවෝ පවසති.

යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2024 දී ලබා දුන් තීන්දුව උපුටා දක්වමින්, පෙත්සම්කරුවන් තර්ක කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව සමානාත්මතාවය පිළිගන්නා නමුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංකල්පය (gender identity) වෙනම නීතිමය ප්‍රවර්ගයක් ලෙස පිළිනොගන්නා බවයි.

පෙත්සම මගින් තවදුරටත් සඳහන් කරන්නේ මෙම චක්‍රලේඛ නීතිමය පදනමකින් තොරව නිල වාර්තාවල ස්ත්‍රී පුරුෂ භාවයට අදාළ තොරතුරු වෙනස් කිරීමට ඉඩ සලසන නීතිමය හා පරිපාලනමය යාන්ත්‍රණ නිර්මාණය කරන බවයි. මෙම ක්‍රියාමාර්ග රාජ්‍ය වාර්තා, පවුල් නීතිය, ආගමික ආයතන, සමාජ ප්‍රතිපත්ති සහ පරිපාලන කටයුතු සඳහා බලපෑම් ඇති කළ හැකි බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හඳුනාගැනීමේ සහතික කිරීමෙදී වෛද්‍ය වෘත්තිකයන්ගේ කාර්යභාරය, සංවේදී පුද්ගලික තොරතුරු රැස්කිරීම සහ ගබඩා කිරීම, සහ මෙම චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමෙන් පැන නගින සමාජීය, නීතිමය සහ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිවිපාක පිළිබඳව ද පෙත්සම මගින් අවධානය යොමු කරයි.

ඉල්ලා සිටින සහන අතර, චක්‍රලේඛ දෙකම සහ ඒ යටතේ ගන්නා ලද සියලු තීරණ අවලංගු කරන ලෙස සර්ටියෝරාරි රිට් ආඥා ඉල්ලා සිටී. එමෙන්ම අදාළ බලධාරීන්ට චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම වැළැක්වීම සඳහා ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් ද ඉල්ලා සිටී.

මීට අමතරව, නඩුවේ අවසන් තීන්දුව තෙක් චක්‍රලේඛ දෙකේම ක්‍රියාකාරීත්වය සහ ඒවා අනුව ගන්නා සියලු ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙස අතුරු ආඥා ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවෝ පවසන්නේ ඔවුන් මීට පෙර ආරම්භ කළ වෙනම නීතිමය අභියෝගයක් කෙරෙහි මහජන අවධානය යොමු වීමෙන් පසුව මෙම චක්‍රලේඛ පිළිබඳව ඔවුන් දැනුවත් වූ බවයි. මෙම චක්‍රලේඛ පැවැත්ම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන් දැනුවත් වූ වහාම වර්තමාන පෙත්සම ගොනු කළ බව ඔවුහු පෙත්සම මගින් පවසති.

අභියාචනාධිකරණය විසින් නඩු කටයුතු කරගෙන යාමට අවසර ( leave to proceed ) ලබා දිය යුතුද යන්න සහ අවසන් විභාගය තෙක් අතුරු සහන නිකුත් කළ යුතුද යන්න සලකා බැලීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව අදාල නඩුව කැඳවීම ජූලි මස 28 වනදා සිදුවන බවද අප අධිකරණ වාර්තාකරුවෝ පවසති. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා පෙනී සිටියි.

සම්බන්ධිත පුවත් | Related News

උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,
දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.
කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ විය.
නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.