මහ බැංකු අධිපති ආර්ථිකයේ "ලෑන්ඩින් ගියර්" එක හිරකරලා "පැරෂුට්" එකෙන් පනිනවා.. - ජාතික සංවිධාන පුරෝකථනයක
"මහ බැංකුව මුදල් අච්චු ගහන්නේ නැහැ නමුත් නෝට්ටු මුද්‍රණය කරන්න පුලුවන්" වැනි තාක්ෂණික ප්‍රකාශ කරමින් මූල්‍ය පද්ධතියේ සැබෑ තත්ත්වය වසන් කරන බවට විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල වී තිබේ.
ඒ පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"පළමුවෙන්ම ඔහු තමයි ඒක පාර්ශ්වයීයව සහ හිතුවක්කාර ලෙස මුදල් පාලන බලය හිමි පාර්ලිමේන්තුවේ කිසිඳු සාකච්ඡාවකින් තොරව බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කළේ. ඉන්පසුව 2023 දී නව මහ බැංකු පනත මගින් ආණ්ඩුවට මහ බැංකුවෙන් ණය ගැනීමට නොහැකිවන ආකාරයට ආණ්ඩුවේ ගෙල හිරකරන ක්‍රියාවලිය පිටුපස ඔහු හිටියා. ඒ මගින් ආණ්ඩුවට මූල්‍ය වෙළෙඳපොලෙන් පමණක් ණය ගැනීමට සිදුවීම නිසා දේශීය ණය ප්‍රමාණය බිලියන 20,000ක් ඉක්මවා ගිහින් තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබියදී ඔහු කියනවා ආණ්ඩුවට මුදල් අතිරික්තයක් තිබෙනවා කියලා. ඒ 20,000න් 5000ක් වසරකදී ආපසු ගෙවියයුතු භාණ්ඩාගාර බිලිපත්. එවැනි තත්ත්වයක් තිබියදී මුදල් අතිරික්ත කතාවක් කියන්නේ කොහොමද?.
ඔහු එක පැත්තකින් සත්‍ය සඟවනවා. ඊට අමතරව බොරු කීමත් වරදක්. එසේම ඔහු ඒකපාර්ශ්වීයව ගන්නා සමහර තීන්දු වලින් අර්බුදය තවදුරටත් උග්‍රවන බව ඉතා පැහැදිලියි.
ඔහු අළුත් නෝට්ටු මුද්‍රණය කරලා තිබෙනවා. ඒ මගින් වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගන්නවා. ඒ මගින් එක පැත්තකින් උද්ධමනය වැඩි වෙනවා. රුපියල කඩා වැටෙනවා, භාණ්ඩ මිල ඉහළ යනවා. ඔහු මේ සත්‍ය වසන් කරනවා. ඊට අමතරව පොලී අනුපාත වැඩි කිරීම මගින් ට්‍රිලියන 11. 2 (මිලියන 11,200 ක්) වූ පුද්ගලික ණය හිමියන්ගේ ණය පොලී වැඩි වෙනවා. ඔවුන්ට ණය ගෙවාගැනීමට නොහැකි වෙනවා. බැංකුත් අමාරුවේ වැටෙනවා. ආර්ථිකය හැකිලෙනවා.
ආණ්ඩුවට මහ බැංකුවෙන් ණය ගැනීමට නොහැකි නිසා වැඩි පොලියට දේශීය ණය වෙළෙඳපොළෙන් ණය අරගෙන, ගත් ණය ආපසු ගෙවන්නත් සිදු වෙලා තිබෙනවා. එම තත්ත්වය තුළ මූල්‍ය පද්ධතියේ බරපතළ කඩා වැටීමක් සිදුවිය හැකියි. ඔහුගේ ක්‍රියාකලාපය අනුව පෙනී යන්නේ ආර්ථිකය හෙවත් ආණ්ඩුව වාඩිවී සිටින ගුවන් යානය කඩා වැටෙන බව ඔහු දන්නවා. ඔහු දැන් අනුමාන කරන්නේ යානය ගොඩබැස්වීමට නොහැකි වන ලෙස 'ලෑන්ඩින් ගියර්' හිර කරලා කඩා වැටීමට මොහොතකට පෙර පැරෂුටයෙන් පැනීමේ උපායක් බව ඉතා පැහැදිලියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..