සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනා නිරීක්ෂණයට මහේස්ත්‍රාත් CIDයට යයි..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනෙකුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (01) එම දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගොස් තිබේ.
පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.
එහිදී රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් පිරිස නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳවද සොයා බැලීමට කටයුතු කර තිබේ.
පැය භාගයකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රැඳී සිටි මහේස්ත්‍රාත්වරයා, එහිදී වගකිවයුතු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර සැකකරුවන් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන නිල සටහන් තැබීමටද පියවර ගෙන තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..