ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ යෑමට හේතුව චන්න ජයසුමන හෙළිකරයි..
ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ යෑමට හේතුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් යැයි ආණ්ඩුවේ නියෝජිතයේ පැවසුවද, අන් සියලු රටවලට වඩා ලංකාවේ ඩීසල් සහ පෙට්‍රල් මිල ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යෑමට හේතුව එම යුද්ධය නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ දුර්වල ආර්ථික කළමනාකරණය, අවිචාරවත් ලෙස වැඩි මිලට මිලදී ගැනීම, වංචාව, බාල ගල් අඟුරුවලින් සිදුවූ පාඩුව ඩීසල් සහ පෙට්‍රල්වලින් ආවරණය කර ගැනීම, බදු ඉහල නැංවීම යන කරුණු මෙයට හේතු විය හැකි බවයි.
ඒ මහතා මුහුණුපොතේ තබා ඇති සටහන පහළින්..
ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ යෑමට හේතුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් බව ආණ්ඩුව සහ එහි නියෝජිතයෝ පුනරැච්ඡාරණය කරති. අපගේ හිත මිතුරන් බොහෝ දෙනෙකු ද එය එසේම යැයි සිතා සිටින බව පෙනේ.
මෙහි දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පහර දීම ඇරඹූ 2026 පෙබරවාරි මස 28 සිට ඊයේ (2026 මැයි 31) දක්වා ගෙවී ගිය මාස 3 කාලය තුළ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල සහ ඈත පෙරදිග රටවල ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ ගිය ප්‍රතිශතයි.
අන් සියලු රටවලට වඩා ලංකාවේ ඩීසල් සහ පෙට්‍රල් මිල ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යෑමට හේතුව ඇමරිකා-ඉරාන යුද්ධය විය නොහැකි ය. දුර්වල ආර්ථික කළමනාකරණය, අවිචාරවත් ලෙස වැඩි මිලට මිලදී ගැනීම, වංචාව, බාල ගල් අඟුරුවලින් සිදුවූ පාඩුව ඩීසල් සහ පෙට්‍රල්වලින් ආවරණය කර ගැනීම, බදු ඉහල නැංවීම හෝ මෙහි නොකියැවෙන වෙනත් කරුණක් හෝ ඊට හේතු විය හැකිය.
අවාසනාවකට අනුර කුමාර දිසානායක මැතිතුමා අද විපක්ෂයේ නොසිටින නිසා ඒ කරුණු මොනවාදැයි නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කිරීමට සමතෙක් අද මෙරට විපක්ෂයේ සිටින බවක් නොපෙනේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..