ස්වීඩනය ඩිජිටල් අතහැර, යලිත් පොත්, පෑන්, පැන්සල් වෙත හැරෙයි..
ඩිජිටල් තිරවලින් වැසුණු පන්තිකාමර යළිත් පොතට, පෑනට සහ කඩදාසියට ගෙනෙන අධ්‍යාපනික වෙනසක් ස්වීඩනයෙන් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ගෝලීය වශයෙන් තාක්ෂණයේ ඉහළම ප්‍රතිලාභ ලබන රටක් වන ස්වීඩනය, සිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ අධි-ඩිජිටල්කරණ ක්‍රියාවලිය (Hyper-digitalization) ආපසු හැරවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පන්තිකාමර තුළ භාවිත කළ ටැබ්ලට් පරිගණක සහ ලැප්ටොප් වෙනුවට යළිත් සාම්ප්‍රදායික මුද්‍රිත පොත්, පෑන සහ කඩදාසි වෙත නැඹුරු වීමේ දැවැන්ත වැඩපිළිවෙළක් එර රට රජය විසින් ආරම්භ කර ඇත.
ස්වීඩන සිසුන්ගේ කියවීමේ සහ ලිවීමේ හැකියාවන් මෙන්ම සාක්ෂරතා මට්ටම පහත වැටීමට පන්තිකාමර තුළ පරිගණක තිර (Screens) අධික ලෙස භාවිත කිරීම සෘජුවම බලපා ඇති බව පර්යේෂකයන් පෙන්වා දීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
WION නාලිකාවේ ශ්‍රෙයා උපධ්‍යාය (Shreya Upadhyaya) ගෙන එන ජාත්‍යන්තර පුවත් වාර්තාවකට අනුව, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ සිදු කෙරෙයි.
මෑත කාලීන ජාත්‍යන්තර ඇගයීම්වලදී (PISA සහ PIRLS වැනි) ස්වීඩන සිසුන්ගේ කියවීමේ සහ ගණිතමය හැකියාවන් පෙර වසරවලට සාපේක්ෂව පහත වැටී ඇති බව නිරීක්ෂණය වී ඇත. ඩිජිටල් තිර හරහා කියවීමට වඩා මුද්‍රිත පොතක් ඇසුරින් කියවීමෙන් මතකය සහ අවධානය රඳවා ගැනීම ඉහළ මට්ටමක පවතින බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
සෑම සිසුවෙකුටම සෑම විෂයයක් සඳහාම නිල මුද්‍රිත පෙළපොතක් ලබා දීම සහතික කිරීම වෙනුවෙන් ස්වීඩන රජය ඩොලර් මිලියන සිය ගණනක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මුද්‍රිත පෙළපොත් සහ අත් අකුරින් ලිවීම (Handwriting) මූලික කරගත් නව ජාතික විෂය නිර්දේශයක් ද ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.
අධ්‍යාපන කටයුතු සඳහා වුවද පන්තිකාමර තුළ ජංගම දුරකථන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ස්වීඩන බලධාරීන් පියවර ගනිමින් සිටී. විශේෂයෙන්ම අවුරුදු දෙකට අඩු දරුවන්ට ඩිජිටල් තිර නිරාවරණය කිරීම වැළැක්වීමට ද උපදෙස් දී ඇත.
විද්‍යාඥයන් සහ ස්වීඩනයේ කරොලින්ස්කා පර්යේෂණ ආයතනය (Karolinska Institute) පෙන්වා දෙන්නේ, පන්තිකාමර තුළ තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම නිසා දරුවන්ගේ අවධානය බිඳවැටෙන අතර, එය මොළයේ වර්ධනයට මෙන්ම තොරතුරු ග්‍රහණය කරගැනීමේ හැකියාවට ද බාධා පමුණුවන බවයි.
තාක්ෂණය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම මෙහි අරමුණ නොවන නමුත්, මූලික සාක්ෂරතාව සහ ලේඛන හැකියාව ස්ථාවර කරගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේද අත්‍යවශ්‍ය බව ස්වීඩන අධ්‍යාපන බලධාරීන්ගේ ස්ථාවරය වී තිබේ. ඩිජිටල්කරණය පසුපස පමණක්ම හඹා යන සෙසු රටවලට ද ස්වීඩනයේ මෙම පසුබැසීම සහ ‘නැවත මුලට පැමිණීමේ (Back to basics)’ ප්‍රතිපත්තිය වැදගත් පාඩමක් කියා දෙන්නක් බව WION නාලිකාවේ ශ්‍රෙයා උපධ්‍යාය සඳහන් කරයි.
- දිනමිණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..